×

ඇලබාමා හී ටොනේඩෝවෙන් 23ක් ජීවිතක්ෂයට

මෙ වන විට එහි විදුලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී ඇත


ඊයේ ඇතිවූ චණ්ඩමාරුතය හේතුවෙන් කුඩා දරුවන්ද ඇතුළුව අඩුම තරමේ 23 දෙනෙකුවත් මේ වන විට මිය ගෝස් ඇති බව ඇමරිකා එක්සත්ජනපදයේ අලබාමා ප්‍රාන්තයෙහි බලධාරීන් පවසයි.

ජීවිතක්ෂයට පත්වූවන්ට අමතරව සැළකිය යුතු සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති අතර ඊයේ ඇතිවූ චණ්ඩ මාරුත දෙකක් විසින් මෙම විනාශය සිදු කරන ලදී,
මෙ වන විට එහි විදුලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී ඇති අතර අධික ශීත කාලගුණය හේතුවෙන්ද එහි වැසියන් පඩාවට පත් වෙමින් සිටී.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරට මුහුණ දුන් සහ ජීවිතක්ෂයට පත් පිරිස වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරන ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි