×

ඇල්ජීරියානු ජනපති ඉල්ලා අස්වේ

පසුගිය වසර 6ක් තිස්සේ ඇබ්දෙලාසීස් ජනපතිවරයා ආඝාත රෝග තත්ත්වයෙන් පෙළුන අතර කලා තුරකින් මහජනයා ඉදිරියට පැමිණියේය.


ඇල්ජීරියානු ජනපති ඇබ්ඩෙලාසීස් බුටෙෆිල්කා ඊයේ සිය ධූරයෙන් ඉල්ලා අස් විය. වසර 20ක් ඇල්ජීරියානු ජනපති ලෙස කටයුතු කල ඇබ්ඩෙලාසීස් සිය පස්වන ධූරකාලය සදහා සූදානම්ව සිටියදී ඔහු විසින් මෙම තීරණය ගන්නා ලදී.

82 හැවිරිදි දීර්ඝකාලීන ජනපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා වන ලෙස ඉල්ලමින් ඇල්ජීරියානු වැසියන් විශාල විරෝධතාවක නියැලිණ.මේත් සමග එරට හමුදා ප්‍රධානියා විසින් ජනතිවරයාගෙන් ඉල්ලා සිට ඇත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.
පසුගිය වසර 6ක් තිස්සේ ඇබ්දෙලාසීස් ජනපතිවරයා ආඝාත රෝග තත්ත්වයෙන් පෙළුන අතර කලා තුරකින් මහජනයා ඉදිරියට පැමිණියේය. නමුත් සිය ධූරය අත් නොහැරි ඔහුට රටේ පාලනයෙන් ඉවත් වන්නයි ජනතාව දැඩි ලෙස බල කරමින් සිටියහ.

මේ විරෝධතා හමුවේ තමන් ඉවත් වන බව ජනපතිවරයා ප්‍රකාශ කළ පසු ඇල්ජීරියානුවන් සිය සතුට ප්‍රකාශ කරමින් වීදි දිගේ උත්සවද පවත්වා ඇති බවට වාර්ථා වෙයි. බහුතරයක් ජනතාවගේ අදහස වී ඇත්තේ තමන්ව පාලනය කරමින් සිටි සියලු පාලකයන්ගෙන් තොර නව පාලනයක් සිය රටට අවශ්‍ය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි