×

පිටසක්වළ ජීවීන් දැනටමත් අපි අතර – නාසා ආයතනය කියයි!

නාසා විද්‍යාඥ සිල්වානෝ පී කොලොම්බානෝ පවසන්නේ මේ වන විටත් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ සිටිය හැකි බවත් මිනිසා හට ඔවුන් ම හැරී ඇති බවත්ය.


සැබෑවටම පිට සක්වල ජීවීන් කොයි වගේද ? අපි වගේමයි… නැත්නම් අමුතුම ස්වරූපයක් ගත් අමුතු සතුන් පිරිසක්… විද්‍යාව හා තාක්ෂණ කෙතරම් දියුණු වුණද පිට සක්වල ජීවීන් ගැන අපිට තිබෙන සැක සංකා එමටයි.

පෘථිවියෙන් පිට වෙනත් ජීවයක් පිළිබඳව වසර ගණනාවක සිට පර්යේෂණ සිදු කරන නාසා ආයතනය නොබෝදා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පිටසක්වල ජීවීන් බෙහෝ දුරට මේ වන විටත් පෘථිවියට පැමිණ සිටීමේ ඉඩ කඩක් පැවතිය හැකි බවයි.

නාසා ආයතනයේ බුද්ධිමය පද්ධති අංශය මඟින් දක්වා ඇති පරිදි පිටසක්වල ජීවීන් පිළිබඳ ලෝකයේ දැනට පවතින අදහස සැබෑවට වඩා බොහෝ වෙනස් විය හැකි බවයි.

නාසා විද්‍යාඥ සිල්වානෝ පී කොලොම්බානෝ පවසන්නේ මේ වන විටත් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ සිටිය හැකි බවත් මිනිසා හට ඔවුන් ම හැරී ඇති බවත්ය.

‘‘මට කියන්නට තිබෙන්නේ පිටසක්වල ජීවීන් අද අප ඔවුන් සොයන්නට භාවිතා කරන දැනුම දැනටමත් භාවිතා කර මේ වන විටත් මෙහි පැමිණ සිටිය හැකි බවත් එසේ නොමැතිනම් ඔවුන් මිනිසා මෙන් කාබනික ව්‍යුහන් නොවන බවත්ය.‘‘

ඔහු පවසන්නේ පිටසක්වල ජීවීන් මනුෂ්‍ය තාක්ෂණය අභිබවා යෑමේ හැකියාවක් පැවතිය හැකි බවයි.

එමන්ම විශ්වය ගවේෂණය කිරීමේ සහ තාරකා විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඉතා ඉහළ මට්ටමක පැවතිය හැකි බවයි.

අප පිටසක්වල ජීවීන් පිළිබඳව මේ වන විටත් සිදු කර ඇති උපකල්පනයන් බෙහෝමයක් පිළිබඳව යළි අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි. මිනිසාගේ ආකෘතික ජීවිතයේ පරාසයන් සීමා රහිත විය හැකි බවත් ගවේෂණයේ ප්‍රමාණය ඉතා කුඩා විය හැකි බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි