×

ජමාල්ගේ ඝාතනය ගැන ඇමරිකාවෙන් සෞදි කුමරුට චෝදනා

සති තුනකට පසු ප්‍රථම වතාවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි කුමරු වෙත චෝදනා කරමින් කතා කර තිබේ.


ට්‍රම්ප් පවසා තිබෙන්නේ මේ සියල්ල ‘කරවා තිබෙන්නේ‘ ඔහු විසින් විය හැකි බවයි.

ට්‍රම්ප් මේ බව පවසා තිබෙන්නේ වෝල් ස්ට්‍රීට් ජර්නල් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් ඛෂෝගි ව මරා දැමුණු බව මේ වන විට සෞදි අරාබිය පිළිගෙන ඇත.

තුර්කි ජනපති තායිප් එර්දොගන් පාර්ලිමේන්තුව අමතා කතා කරමින්, පවසා තිබුණේ මෙය දේශපාලන ඝාතනයක් බවත්, ඔක්තෝබර් 2 වැනිදා ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළට ඇතුල් වීමට පෙර සිටම එම ඝාතනය මනා ලෙස සැලසුම් කර තිබූ බවත් ය. මේ අතර ඊයේ සවස විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඛෂෝගිගේ ශරීර කොටස් ද හමුවී ඇති බවයි.

ස්කයි නිව්ස් මූලාශ්‍ර දෙකක් මගින් තහවුරු කරන්නේ, කොන්සල් කාර්යාලය තුළදී ඛෂෝගිට වධ දී, කපා මරා දමා ඇති බව සහ, ඔහුගේ මුහුණ විකෘති කර දමා තිබූ බවත්ය.  Mr Khashoggi was “cut up” and his face “disfigured”.

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මන් කුමරු ‘ඩාවෝස් ඉන් ඩෙසට්‘ ආර්ථික සමුළුවේදී අද දින කතා කිරීමට නියමිත අතර, එහිදී ඔහු ඛෂෝගි පිළිබඳ කතා කරනු ඇත්ද යන්න තවම තහවුරු වී නැත.

කෙසේ නමුත් 2000කට අධික පිරිසකගේ අත්පොළසන් හා ප්‍රීති ඝෝෂා හඬ මධ්‍යයේ සෞදි කුමරු මද සිනා පාමින් ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුට යාබද අසුනේ වාඩි වී සිටින ආකාරය මෙහිදී දැකගත හැකි විය.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන සෞදි ජාතිකයන් 21 දෙනාට ඇමරිකාව තුළට ඇතුල් වීම තහනම් කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි