ජපානයේ සකුරා මල් සාමාන්‍යයෙන් පිපෙන්නේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී ය. එසේ වුවත් ජපානයේ මී ළඟ සකුරා වසන්තයට මාස හයකට පමණ පෙර ඇතැම් සකුරා ශාක මලින් බරවන්නට පටන්ගෙන තිබේ. නියමිත කාලයට පළමුව මල් හටගත් සකුරා ශාක සංඛ්‍යාව කොපමණදැයි කියා සොයා බැලීමට සමීක්ෂණයක් ද මේ වනවිට කෙරී ඇත. රට ඇති ශාක 300කට අධික සංඛ්‍යාවක සකුරා මල් පිපී ඇති බව සමීක්ෂකයෝ පවසති. දැනට සකුරා මල් හටගෙන ඇති ශාක ලබන වසරේදී මල් නොදරනු ඇති බවට අනුමාන කෙරේ.
ජපාන මල් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිළධාරී තෝරු කොයාමා ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි.
“… සකුරා පිපෙන්න නියමිත කාලයට පළමුව හැම අවුරුද්දෙම සකුරා මල් පිපෙනවා. එහෙම වෙන්නේ ඇතැම් ප්‍රදේශවල තියෙන සකුරා ශාකවල පමණයි. මෙවර තත්ත්වය එයට වඩා වෙනස්. මේ වසරේ විශේෂත්වය, අකලට සකුරා පිපෙන බව රටේ හැම ප්‍රදේශයකින්ම වාර්තා වීම. …”
NHK
සකුරා පුෂ්පයේ පෙති වර්ධනය වී ඒවා දිග හැරෙන්නට පටන් ගන්නේ ශාකයේ පත්‍රවලින් නිදහස් කෙරෙන හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය නිසයි.
අකලට සකුරා පිපීම ආරම්භ වී තිබෙන්නේ ජපානයට පසුගිය දා බලපෑ අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් යැයි කියා විද්වතුන් අතර මතයක් ඇති වී ඇත. ගෙවුණු වසර විසි පහක කාලය තුළ ජපානයට බලපෑ ප්‍රබලතම කුණාටු සහිත කාලගුණ තත්ත්වය ඇති වූයේ පසුගිය සැප්තැම්බරයේදී ය. මේ නිසා සකුරා ශාකවල පත්‍ර හැලිණ. එම ශාකවල මල් හට ගැනීමට හේතුවන හෝර්මෝන මට්ටම වෙනස් කරන්නට මේ තත්ත්වය හේතුවක් වී ඇතැයි කියා විද්‍යාඥයෝ අනුමාන කරති.
ජපානයේ සකුරා වසන්තය සංචාරක නෙත් සිත් පැහැර ගන්නා සමයකි. සමහර සංචාරකයන් ජපානයට පැමිණෙන්නේ ම සකුරා වසන්තයේ සුවය විඳිනු පිණිස ය.
ජපානයේ සකුරා මල් යනුවෙන් හැඳින්වෙන්නේ චෙරි මල් පොකුරු (චෙරි බ්ලොසම්ස්) ය.