×

සෞදි කුමරු බින් සල්මාන්, ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ගේ දුරකථනය හැක් කරයි

.


ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස් ට අයත් ජංගම දුරකථනයට 2018 වසරේදී සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්  විසින් බලහත්කාරයෙන ඇතුල් වී ඇති බව ද ගාර්ඩියන් වෙබි අඩවිය වාර්ථා කරයි.

මීට පෙරද පසු ගිය වසරේදීත් මෙම චෝදනාව මේ ආකාරයෙන්ම සෞදි අරාබියට එල්ල වුවද එය ප්‍රතික්ෂේප කරනු ලැබිණී. නමුත් මේ වන විට එහි වරදකරු බවට සෞදියේ පාලකයාම පත්ව තිබෙන විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට අයත් පෞද්ගලික දුරකථනයක් ඔස්සේ වට්ස් අප් පණිවිඩයක් යැවීම මගින් මෙසේ ජෙෆ් බොසෙස් ගේ දුරකථනයට බලහත් කාරයෙන් ඇතුළු වීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධ ඩිජිටල් අධිකරණ විශ්ලේෂකයන් කළ පරීක්ෂණ වලදී අනාවරණය කෙරෙන්නේ සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් භාවිතා කළ අංකයෙන් සංකේතාත්මක පණිවිඩයක් ලෝකයේ ධනවත්ම පුද්ගලයාගේ දුරකථනය තුළට ඇතුළු වී ඇති බවයි.

අනතුරුව ජෙෆ් බෙසොස් ගේ දුරකථනයෙන් පැය කිහිපයක් තුළ විශාල දත්ත ප්‍රමාණයක් පැහැරගෙන ඇති බව ද ගාඩියන් වෙඩ් අඩවිය වෙත තොරතුරු සැපයූ පුදුගලයෙකු විසින් අනාවරණය කර ඇත.
මෙහෙිදී සැක කෙරෙන්නේ බින් සල්මාන් කුමරු රාජ්‍ය ආර්ථිකය නගා සිටුවන්නට ප්‍රතිඥා දී ඇති පරිදි තව තවත් බටහිර ආයෝජකයන් සෞදි ආරාබිය වෙත ගෙන්වා ගැනීම පිණිස මෙවැන්නක් කරන්නට ඇති බවයි.

ඇමරිකානු ජාතික පුවත් ටැබ්ලොයිඩ් ප්‍රකාශනයක් විසින් ඇමසන් ප්‍රධානියාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු මේ පිළීබදව පර්යේෂණ ආරම්භ කර ඇත. ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් සහ ඔහුගේ පෙම්වතිය සේ සැලකෙන ලෝරන් සෑන්චෙස් අතර හුවමාරු වූ අතිශය පුද්ගලික ටෙක්ස්ට් පණිවුඩ පසුගිය ජනවාරියේ හෙළිදරව් වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන විට මෙම කරුණ හෙළි වී තිබේ. ලෝරන් සෑන්චෙස් හිටපු ටෙලිවිෂන් නිවේදිකාවක් වන අතර, නැෂනල් එන්ක්වයරර් ටැබ්ලොයිඩ් පුවත්පත විසින් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව වාර්තා කර තිබිණි.

ඇමසන් සමාගමේ ආරක්ෂක ප්‍රධානී ඩි බෙකර් පවසන්නේ . ‘‘පසුගිය ඔක්තෝබරයේ පටන් , වොෂින්ටන් පෝස්ට් පුවත්පත ජමාල් ඛෂෝගිගේ ඝාතනය පිළිබඳ විශාල පුවත් ආවරණයක් ලබාදීමට පටන් ගත් අවස්ථාවේ පටන් සෞදි අරාබිය ජෙෆ් බෙසොස්ව ඉලක්ක කර ඇති බවයි.”

මේත් සමග මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධ නව පර්යේෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක්ද පැන නගිනු ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඇමසන් නිර්මාතෘවරයාගේ ජංගම දුරකථනයට අනවසරයෙන් ඇතුළු වීම සහ දත්ත ලබා ගැනීමේ චෝදනාව බින් සල්මාන් කුමරු වෙනුවෙන් ඇමරිකාවේ සෞදි තානාපති කාර්යාලය තවදුරටත්  ප්‍රතික්ෂේප කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි