ආදි කාලයේ ඇමරිකාවේ ලිංගික වෘත්තියේ යෙදී සිටි කාන්තාවන්ගේ ලෝකය, ඉතා ඉඳහිට කාච ඇසට හසුවිය. මේ එවැනි දුර්ලභ ඡායාරූප පෙළක් ඇසුරෙන් හෙළිවන සමාජ යථාර්ථයේ කථාන්දරයකි.
ලිංගික ශ්‍රමික කාන්තාවෝ නිතරම සෙසු කාන්තාවන්ට වඩා වෙනස් ලෙස, බාහිර පෙනුමෙන් ද කැපී පෙනුණි. ඒ ඇසුරෙන් ඔවුහු දැනුවත්ව හෝ නොදැනුවත්ව විලාසිතාකරණයේ සීමා, ඈතට තල්ලු කරමින් සිටියහ. ඔව්, ඔවුන් ජේත්තුකාරියන් ය. දුටුවන් වසඟ කළ හැකි අඟ පසඟක් පමණක් නොව, විලාසිතාවන් ද ඔවුන් වෙත විය. ඇමරිකාවේ මේ විලාසිතාකාරියන් අතර, සැලී රෑන්ඩ් (Sally Rand) සහ ජිප්සි රෝස් ලී (Gypsy Rose Lee) කැපී පෙනෙයි.
මේ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන Dita von Teese වරක් පවසන්නේ සදාකාලික මෝහනයක් ඔවුන්ගේ පෙනුමේ වූ බවයි.
මේ කතාන්දරයට පසුබිම් වන 1890 දශකය වන විට ඡායාරූපකරණය ලොව පැවතියේ නැගී එන තාක්ෂණයක් ලෙස ය. තවද නිර්මාණශීලී මාධ්‍යයක් ලෙස ය. විලියම් ගෝල්ඩ්මන් ඡායාරූප ශිල්පියා වෙනුවෙන් එදා පෙන්සිල්වේනියාවේ ගණිකා නිවාසයකදී විලාසිනියෝ කිහිප දෙනෙක් පෙළගැසී සිටියහ. එකල ඡායාරූපයට පෙනී සිටීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන් ‘හෙල්ලෙන්නේ නැතිව‘ සිටිය යුතු විය. අතිශයින් නිශ්චල ව සිටිය යුතු විය. ඡායාරූප ශිල්පී ගෝල්ඩ්මන් අවසානයේ
ඡායාරූප ගැනීමෙන් පසුව මේ වෘත්තියේ විලාසිතාකරණය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු වූ බවට වාර්තා තිබේ.
ගණිකා නිවාස එදා පටන්ම සැලකුණේ නිරයට සමීපයෙන් පිහිටා තිබෙන නගරයේ සුවිශේෂී ස්ථාන ලෙස ය. නමුත් මේ ඡායාරූප, එම ස්ත්‍රීන්ගේ සුන්දරත්වය සහ සංවේදී බව කැමරාවට හසු කර ගැනීමට පැමිණි පිරිමියා සමග ඔවුන් විසින් ඇති කර ගත් තාවකාලික සුහදත්වයේ ද පිළිබිඹුවකි.
කලෙක ‘සමාජ ප්‍රශ්නයක්‘ වශයෙන් පැවති මේ පිළිබිඹුව, ශතවර්ෂයක් ඉක්ම ගිය තැන ‘සංස්කෘතික හෙළිදරව්වක්‘ බවට පත්ව තිබේ.