×

සිරගත කර සිටි රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස්

මියැන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය ගැන වාර්තාකරණයේ යෙදී සිටියදී මියැන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කළ රොයිටර්ස් පුවත්සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස ලැබී තිබේ.


වැන් ලොන් (Wa Lone) සහ ක්යාව් සෝ ඌ (Soe Oo) නමැති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා 2018 සැප්තැම්බරයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් විසින් මියැන්මාරයේ නිල රහස් පනත උල්ලංඝනය කරමින් වාර්තාකරණයේ යෙදුණු බවට චෝදනා කරමිනි.

2017 වසරේදී මියැන්මාරයේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරවාරයේ මුස්ලිම් රොහින්ගියාවරුන් 10 දෙනෙක් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ආකාරය ඔවුන් විසින් වාර්තා කර තිබිණි.

නඩු විභාගයේදී ඔවුන්ට සත් අවුරුදු සිර දඬුවමක් පනවනු ලැබීය.

මෙම මාධ්‍යවේදීන් දෙදෙන පසුව පුලිට්සර් ත්‍යාගයෙන් ද පිදුම් ලැබූහ.

ඔවුන් මෙසේ නිදහස ලබන්නේ දින 500 කට පසුව ය.

ඔවුන්ගේ අවසාන අභියාචනය ද මෙයට සති කිහිපයකට පෙර මියැන්මාර අධිකරණය විසින් නිෂ්ප්‍රභා කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි