×

‘එක්සත් ජනපදය මිත්‍රයෙකු වීම යනු, වහලෙකු වීම නොවේ’ – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්

වැන්ග් වෙන්බින් සඳහන් කර තිබුණේ, සමහර රට වලට චීනයේ ස්වාධීන සහ ස්වයංපෝෂිත වීම දැකීමට අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවට සෑම විටම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කැමැත්තට කීකරු වන ලෙස වෙනත් රටවලට බල කිරීමට බවයි.


ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් චීනයේ තෙදින රාජ්‍ය සංචාරයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදය සහ චීනය අතර ගැටුමකට ප්‍රංශය සම්බන්ධ නොවිය යුතු බවයි.

මැක්‍රොන් සිය චීන සංචාරයේදී, තායිවානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබූ අතර, තායිවානය සම්බන්ධයෙන් ප්‍රංශයේ සහයෝගයේ කිසිවක් වෙනස් වී නැති බවත්, One China policy ප්‍රතිපත්තිය වෙනුවෙන් සාමකාමී විසඳුමක් සෙවීම වෙනුවෙන් ප්‍රංශයේ සහය ලැබෙන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

පසුගියදා සිදුවූ මෙම නිල සංචාරය එක්සත් ජනපද ජෝ බයිඩන්ගේ අනු දැනුම මත සිදුවූ අතර, යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව සාකච්ඡා මේසයකට ගෙන ඒමේ වගකීම චීනයට පැවරීම ප්‍රංශ ජනාධිපති හරහා සිදු කිරීමට අපේක්ෂා කරන ලදි. නමුත් තත්වය මේ වන විට වෙනත් අතකට හැරෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශ අත්ලාන්තික් සාගරයේ දෙපස දේශපාලනඥයින් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විවේචනයට ලක්ව තිබේ. ධවල මන්දිරය විසින් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ප්‍රංශය සමඟ ඇති ද්වි පාර්ශවීය සබඳතාවය පිළිබඳව විශ්වාසයෙන් පසුවන බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැක්‍රොන් මහතා චීනය සමඟ සුහදව කටයුතු කරන බවට චෝදනා කර ඇති මුත් ප්‍රංශ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කිසිදු අදහසක් දක්වා නොමැත.

මේ අතර චීනය, මැක්‍රොන් මහතාගේ ප්‍රකාශය ප්‍රශංසා කර ඇති අතර විවේචන ගැන තමන් පුදුම නොවන බව ප්‍රකාශ කර ඇති අතර විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳහන් කර තිබුණේ, සමහර රට වලට චීනයේ ස්වාධීන සහ ස්වයංපෝෂිත වීම දැකීමට අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවට සෑම විටම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කැමැත්තට කීකරු වන ලෙස වෙනත් රටවලට බල කිරීමට බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි