2021දී පවත්වන්නට නියමිත ෆෙඩරල් මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ජර්මනියේ බර්ලින් නුවර පැවැති රැස්වීමකදී පසුගිය දා ප්‍රකාශ කළාය. 2021ට පෙර පැවැත්වෙන කිසිදු හදිසි මැතිවරණයකට ඉදිරිපත් නොවී සිටීමටත් ඈ තීරණය කර ඇත. තම ධුර කාලය අවසන් වූ පසු අන් කවර ආකාරයේ හෝ දේශපාලන තනතුරක් බලාපොරොත්තු වන්නේ නැතැයි කියාත් ජර්මන් චාන්සලර්වරිය පවසා තිබුණාය. අනෙකක් තබා ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය ලබන දෙසැම්බරයේදී පවත්වන්නට නියමිත සම්මේලනයට පවා චාන්සලර්වරිය සහභාගී නොවනු ඇති බව පැවසේ. ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය, ජර්මනියේ ඉතා වැදගත් මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහයකි. 2000 වසරේ සිට එම පක්ෂයේ සභාපතිත්වය දරන්නේ ඇන්ජෙලා මර්කල් ය.
AFP | German Chancellor Angela Merkel closes her eyes as she gives a press conference on 29 October
Image caption Mrs Merkel gave a news conference on Monday
ඇන්ජෙලා මර්කල්, ලෝක දේශපාලනයේ බලවත්ම කාන්තාව හැටියට සැලකේ. ජර්මනිය ස්ථාවර සහ සමෘද්ධිමත් තැනෙකට රැගෙන එන්නට, එරට බුහුතර ඡන්ද දායකයන්ගේ සහය ඇන්ජෙලා මර්කල්ට දිගු කාලයක් මුළුල්ලේ ලැබිණ.
ඈ, ජර්මනියේ චාන්සලර්වරිය බවට පළමුවෙන්ම පත් වන්නේ 2005 වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයෙනි. ජර්මන් චාන්සලර් තනතුරට කාන්තාවක පළමුවරට පත් වූයේ ද එවරයි. එවර ඈ මැතිරණයට තරග කර තිබුණේ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය, ක්‍රිස්තියානි සමාජීය පක්ෂය සහ සමාජීය ප්‍රජාතාන්ත්‍රික පක්ෂය යන පක්ෂ ත්‍රිත්වයෙන් සැදුම්ලත් සන්ධානයක් නියෝජනය කරමිනි.
ඇන්ජෙලා නායකත්වය දුන් ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂය 2009 වසරේ පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයෙන් ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගත්ත ද ඇන්ජෙලා මර්කල්ට රජයක් පිහිටුවන්නට සිදුවුණේ නිදහස් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එකඟ වීමෙන් අනතුරුවයි.
GETTY IMAGES – Former German Chancellor Helmut Kohl and Angela Merkel pictured in 1997
Image caption Mrs Merkel is a veteran political figure, pictured here with former Chancellor Helmut Kohl in 1997
2013දී පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයේදී, ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයට 41.5%ක ඡන්ද ප්‍රමාණයක් ගත හැකි වුවත් ඇන්ජෙලා මර්කල්ට නැවත වරක් සන්ධාන රජයක් පිහිටුවන්නට සිදු විණ.
සිව්වන ධුර කාලය සඳහා ඇන්ජෙලා මර්කල් තේරී පත්වුණේ 2017 වසරේ පැවැති ෆෙඩරල් මැතිවරණයෙනි. මේ මැතිවරණයේදී ද ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයට ජර්මානු දේශපාලනය තුළ කැපී පෙනෙන දේශපාලන පක්ෂයක් බවට පත්වන්නට ඉඩ ලැබිණ. එහෙත් ඇයට සන්ධාන ගත වී රජයක් පිහිටුවන්නට සිදුව තිබුණේය.
ඇන්ජෙලා මර්කල්ගේ දේශපාලන තීන්දු සහ තීරණ සාර්ථක වූ අවස්ථා මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද පැවතිණ.
” … පසුගිය කාලයේදී සිදුවුණු සාර්ථකත්වයන්ට සහ දුර්වලතාවයන්ට ජර්මනියේ චන්සර්ලර් සහ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා හැටියට දේශපාලන වශයෙන් මා වගකිවයුතුයි. … නව පරිච්ඡේදයක් සඳහා දැන් කාලය එළඹිලා තිබෙන්නේ. …” කියා ඈ පවසා තිබිණ.