×

එංගලන්තෙට එන අයට PCR අනිවාර්යයි. එන්නත්කරණය වුනාද යන්න අදාළ නැහැ – එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!

මීට පැය කිහිපයකට පෙර එක්සත් රාජධානියේ මුල්ම වරට කොවිඩ් වෛරසයේ විකෘතියකින් හටගත් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වාර්තා විය.


වාර්තා වන නවතම තොරතුරු අනුව, එක්සත් රාජධානියට ඇතුළු වන සියළු පුද්ගලයන් හට පීසීආර් පරීක්ෂණ අනිවාර්ය කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

මේ බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේය.

ඩවුනිං වීදියේ තම නිල කාර්යාලයේ සිට සජීවීව අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවේ අද (27) පටන් විදෙස් ගත වන ඕනෑම අයෙකු නැවත එක්සත් රාජධානිය වෙත පැමිණෙන විට පැමිණි දෙවන දිනයේ අනිවාර්ය පීසීආර් පරීක්ෂණයකට භාජනය විය යුතු බවයි.

එම ප්‍රතිඵලය සෘණ ප්‍රතිඵලයක් වන තුරු ස්වයං නිරෝධායනයට ලක්ව සිටි යුතු බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අයෙකු හා සම්බන්ධ වන ඕනෑම අයෙකු අනිවාර්ය දින 10 ක නිරෝධායනයකට ලක්විය යුතු බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහිදී ඔවුන් පූර්ණ එන්නත්කරණය ට ලක්වී ඇති ද යන වග අදාළ නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ පැමිණෙන සියළු දෙනා බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ කොවිඩ් වැඩපිළිවෙල හරහා පරීක්ෂා කෙරෙනු ඇත.

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවල ද මේ වන විට වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි