×

ඉන්දියාව සහ බංග්ලාදේශය TikTok තහනම් කරයි.

ඉන්දියාව තුළ පමණක් Tiktok පරිශීලකයන් මිලියන 120 දෙනෙකු සිටී


ජංගම දුරකථන පාරිභෝගිකය විසින් වීඩියෝ නිර්මාණය කිරීමට සහ බෙදා හැරීම සදහා භාවිතා කරන ලද Tiktok ඇප් එක ඇපල් සහ ගූගල් සමාගම් විසින් ඉන්දියාව තුළ සිය සේවාවන් අතරින් ඉවත් කර ඇත.
මෙයට හේතුව වී ඇත්තේ කාමෝද්දීපන වීඩියෝ පට සීග්‍රයෙන් ප්‍රචාරය වීමත් සමග මදුරාසි ඉහළ උසාවිය විසින් ලබා දුන් විධානයකට අනුවයි.

මෙම තීරණය නවතාලන ලෙස Tiktok නිර්මාතෘ සමාගම විසින් අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද ඉන්දීය ඉහළ අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඉන්දියාව තුළ පමණක් Tiktok පරිශීලකයන් මිලියන 120 දෙනෙකු සිටින අතර ඇතැම් වීඩියෝ මගින් නුසුදුසු යැයි සැළකෙන අන්තර්ගතයන් බෙදා හැරීම පිළිබදව විවේචන රැසක් එල්ල වී ඇත.

මේ වන විට බංග්ලාදේශය තුළද ටික් ටොක් මාධ්‍ය තහම් කර ඇති අතර එයට හේතුව වී ඇත්තේ ඇමරිකාව ඔස්සේ මෛ ඇප් එක මගින් බංග්ලාදේශයේ දරුවන්ගේ තොරතුරු රැස් කර බව ආනාවරණය වීමය.

Tiktok ආයතය පවස්නේ ලොව වටා තමන්ට පරිශීලකයන් මිලියන 500ට වඩා ප්‍රමාණයක් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි