×

කොරෝනා ලුහුබැඳීමට ඇපල් හා ගූගල් එක් වෙති

මේ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හා අයිඕඑස් මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන ජංගම දුරකථන වලට මෙම වෛරසයේ ව්‍යාප්තිය අවබෝධ කර ගැනීමට පහසු වන කන්ටෑක්ට් ට්‍රැකින් යෙදුමක් නිර්මාණය කිරීමයි.


ඇපල් සහ ගූගල් සමාගම් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කළේ කොරොනා වෛරසයේ ව්‍යාප්තිය සොයා ගැනීමට සහ ඒවා පාලනය කිරීමට ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය යොදා ගනිමින් නවතම සහයෝගීතා තාකෂණයක් එළි දැක්වීමට සූදානම් වන බවයි.

මේ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හා අයිඕඑස් මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන ජංගම දුරකථන වලට මෙම වෛරසයේ ව්‍යාප්තිය අවබෝධ කර ගැනීමට පහසු වන කන්ටෑක්ට් ට්‍රැකින් යෙදුමක් නිර්මාණය කිරීමයි.

මෙහිදී කොරෝනා වෛරසයට නිරාවරණය වන ඕනෑම කෙනෙක්ව තමා වෛරසයට නිරාවරණය වී ඇති බව ජංගම දුරකථනය ඔස්සේ දැනුවත් කිරීම සිදු කරයි. මෙය සිදු වන්නේ බ්ලූටූත් තාක්ෂණය හරහා සම්බන්ධ කෙරුණු කොරෝනා ආසාදිත පුද්ගලයන්, ඔවුන් ගමන් කළ ස්ථාන, ඔහු ගැටුණු පුද්ගලයන් ඇතුළු සංකීර්ණ තොරතුරු ජාලයක් ට්‍රැක් කිරීම මඟිනි.

මේ ඔස්සේ පොකුරු වශයෙන් ආසාදිතයන් ව්‍යාප්ත වීම පාලනය හා මැඬපවැත් වීම සඳහා රජය හා සෞඛ්‍ය සේවාවන්ට අවශ්‍ය සහය සපයා දීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මේ ඔස්සේ වෛරසයට නිරාවරණය වූ යම් පුද්ගලයකුට වෛරසය වැළදීමට පෙර එය වැළදීම වළක්වාගනිමින් ස්වයං හුදෙකලාවට ලක්වීමේ අවකාශයද සපයා දෙයි.

එවැනි තාක්‍ෂණයක ඵලදායීතාවය සහ එහි ප්‍රාගෝගික බව සම්බන්ධ පෞද්ගලිකත්ව අවශ්‍යතා පිළිබඳව දැනටමත් අවධානය යොමු වී තිබේ.

සිංගප්පූරුව, චීනය ඇතුළු රටවල මේ හා සමාන යෙදුම් දැනටමත් අත්හදා බලා ඇත. යුරෝපයේ චෙක් ජනරජය පවසන්නේ එවැනි යෙදුමක් මේ මාසයේ නිකුත් කරන බවයි. බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ඉතාලිය ද තමන්ගේම ට්‍රැකින් ‍යෙදුමක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි