×

සම්ප්‍රදාය පසෙක ලා ආර්ජන්ටිනා වැසියෝ නව ජනපතිවරයෙක් තෝරා ගනිති

අපේක්‍ෂකයෙකු පළමු වටය ජයග්‍රහණය කිරීමට නම් 45% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු විය


ආර්ජන්ටිනාවේ නව ජනපතිවරයා ලෙස මධ්‍ය වාමාංශික අපේක්‍ෂකයා වන ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් තේරී පත්වී තිබේ. ඒ හිටපු ජනාධිපති මොරිෂීයෝ මැක්රිට පරාජය අත් කරමිනි. එරට පැවති අඛණ්ඩ ආර්ථික අර්බුදයන් පසෙක ලා නව ජනපතිවරයෙක් තෝරා ගැනීම සදහා ආර්ජන්ටිනාවේ ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී විය.

එරට කොන්සවේටිව් පක්ෂ නායකයා වූ හිටපු ජනපතිවරයා පරාජය කිරීම සදහා ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් විසින් සියයට 45%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ. ඔහුගේ ජයග්‍රහණය සමග ඔහුගේ පාක්ෂිකයෝ මේ වන විට ඔහුගේ මැතිවරණ මධ්‍යස්ථානයේ ජය ඝෝෂා කරමින් සිටී,

ආර්ජන්ටිනාවේ ජනගහණයෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවක් ද්‍රරිදුතාවයට ඇද දැමූ එරට ආර්ථික අර්බුධයන් මධ්‍යයයේ නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සදහා මෙවර ජනපති වරණය පැවැත්විණ.


පසුගිය ඉරිදා පැවති මුල් වටයේ ඡන්ද ගණන් කිරීමේදීම තම ප්‍රතිවාදියා ජයග්‍රහණය කරන බව අනාවරණය වීමෙන් පසු හිටපු ජනපතිවරයා සිය ප්‍රතිවාදියාට සුභ පතා ඇති අතර නව ජනපතිවරයා වෙත රාජකාරී භාරදීම විධිමත් ලෙස සිදු කිරීමට ඔහු අද දින නව ජනපතිවරයාට සිය ජනපති මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනය කර තිබේ.

මෙවර ජනපතිවරණය ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිනිය ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස් ද කර්ච්නර් හටත නැවත උප ජනපති ලෙස බලයට පැමිණීමට ද මාර්ගය විවර කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි