×

Arwen එංගලන්තයෙන් ස්කොට්ලන්තයට

වර්ෂාව සහ හිම සහති ශීත කාලගුණය එක්සත් රාජධානියට ඉදිරියේ අපේක්ෂා කරන බැවින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ අඛණ්ඩ උත්සාහයක බලශක්ති සේවා සැපයුම් ක්‍රියාත්මක වී තිබේ.


Arwen කුණාටුව එක්සත් රාජධානියේ එංගලන්තයෙන් පහවී ගොස් දින හයකට පසුව, ස්කොට්ලන්තයේ සහ උතුරු එංගලන්තයේ දහස් ගණනක් පීඩාවට පත් කර තිබේ.

මේ වන තෙක් බොහෝ ප්‍රදේශවලට විදුලි සැපයුම නොමැත. තවමත් නිවාස 16,000 කට පමණ විදුලිය නොමැති බව අගමැති බොරිස් ජොන්සන් පැවසු අතර, මේ සතිය අවසන් වන විට සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට රජය අපේක්ෂා කරන බව සඳහන් කරන්නට විය.

නමුත් මේ වන විට විදුලිය විසන්ධි වූ නිවාස 19,000කට පමණ විදුලිය යථා තත්ත්වයට පත් කර තිබේ.සුළි කුණාටුව පසුගිය සිකුරාදා අධික සුළං සහ ශීත කාලගුණය සමගින් බල පෑ අතර, ඉන් තිදෙනෙකු මිය ගියේය.

ස්කොට්ලන්තයේ ග්‍රැම්පියන් ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා හමුදා නිලධාරීන් 120 ක් පමණ යොදවා ඇති බව අගමැතිවරයා පවසයි. ඇතැම් ස්ථානයන් හි සුබසාධන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සිකුරාදා ස්කොට්ලන්තයට තවත් හිම පතනයක් අපේක්ෂා කරන අතර වයඹ ප්‍රදේශවලට වර්ෂාව අපේක්ෂා කරන බවයි.

වර්ෂාව සහ හිම සහති ශීත කාලගුණය එක්සත් රාජධානියට ඉදිරියේ අපේක්ෂා කරන බැවින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ අඛණ්ඩ උත්සාහයක බලශක්ති සේවා සැපයුම් ක්‍රියාත්මක වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි