×

බිඳුණු සිහින මැද ආසියානු ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි.

ශ්‍රී ලංකාවට එක් පදක්කමක් හෝ ගෙන ඒමට අසමත් වෙමින් ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී සමාප්ත විය.


ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ අවසන් විය.

එහිදී චීනය පදක්කම් 286 ක් සමග ජයග්‍රාහකයා බවට පත්විය. මේ අතින් 131 ක් රන් පදක්කම් ය. 90 ක් රිදී පදක්කම් වූ අතර, 65 ක් ලෝකඩ පදක්කම් ය.

දෙවන ස්ථානය දිනාගත් ජපානයේ සමස්ත පදක්කම් ගණන 200 කි. එයට රන් පදක්කම් 72 ක්ද, රිදී පදක්කම් 54 ක්ද, ලෝකඩ පදක්ම් 68 ක් ද අයත්ය. දකුණු කොරියාව රන් 48, රිදී 57 සහ ලෝකඩ 68 ක් සමග පදක්කම් 173 ක් දිනා තෙවැනි තැන දිනාගත්තේය.

උළෙලේ සත්කාරක රට වූ ඉන්දුනීසියාව දිනාගත්තේ සිව්වැනි ස්ථානයයි. 5වැනි ස්ථානයට උස්බෙකිස්ථානයද, 6 වැනි තැන ඉරානයට ද හිමිවිය.

ඉන්දියාවට හිමි වූයේ 8 වැනි තැන ය.

මේ වසරේ ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ එකදු ක්‍රීඩකයෙක්වත් පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ නැත. පරිපාලන දෝෂ පිළිබඳ මළල ක්‍රීඩකයන් පසුගිය කාලය පුරාම මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබූ අතර, මෙවර කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔවුන් අසමත් වීම සඳහා එම හේතුව ද බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටි කිමිදුම් ඉසව්වෙන් පවා මෙවර ලංකාවට කිසිදු ජයග්‍රහණයක් හිමි වූයේ නැත. රගර් කණ්ඩායම පමණක් සත් සාමාජික රගර් තරගාවලියේදී 4 වන ස්ථානය දිනාගැනීමට සමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි