×

AstraZeneca එන්නතේ ඉන්දියානු නිපැයුම් අපනයනය සපුරා තහනම්

දිළිඳු රටවලට ලබාදීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය AstraZeneca එන්නත් මිලියන 300 - 400 අතර ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටී.


ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන AstraZeneca එන්නතේ නිපැයුම් අපනයනය තහනම් කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා.

මෙම අපනයනය තහනම මාස කිහිපයකට පමණක් සීමා වනු ඇති බවයි AstraZeneca ඉන්දියානු හවුල්කරු වන සේරම් ආයතනය පවසන්නේ.

සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී අදාර් පූනවාලා මහතා පවසන්නේ, තම ආයතනය විසින් නිෂ්පාදනය කරන AstraZeneca එන්නත් සියල්ල ඉන්දියානුවන් වෙනුවෙන් භාවිතා කිරීමේ අරමුණින් මෙම තහනම පනවා ඇති බවයි.

තම ආයතනය මගින් නිෂ්පාදනය කරන සියලු එන්නත් ඉන්දීය මධ්‍යම රජය විසින් මිලදී ගන්නා බවත්, පෞද්ගලික වෙළඳපො‍ලේ එන්නත් විකිණීම සිදු නොවන බවත් පූනවාලා මහතා පවසනවා.

දිළිඳු රටවලට ලබාදීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය AstraZeneca එන්නත් මිලියන 300 – 400 අතර ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටී.

කෙසේ වෙතත් පවතින තත්වය මත එම ඉල්ලුම සපුරාලීමට තවත් මාස තුනක් හෝ හතරක් පමණ ගතවනු ඇති බවයි සේරම් ප්‍රධාන විධායක නිළධාරියා පවසන්නේ.

ඒ අනුව දිළිඳු රටවලට තම ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් බේරා ගැනීම සඳහා තවත් මාසය 06 කට වැඩි කාලයක් ගතවනු ඇත.

AstraZeneca එන්නත මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයද ඉන්දීය රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ගෙනඒමේ වැඩසටහනේ සම්බන්ධීකාරක, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසන්නේ.

ඒ අනුව ලබන මාර්තු වනවිට එම කටයුතු සාර්ථක වනු ඇති බවද ඔහු පවසනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි