×

තාරකා විද්‍යාඥයින් විශ්වයේ දීප්තිමත්ම වස්තුව සොයා ගනී

මෙය ඇදහිය නොහැකි වර්ධන වේගයකින් ආලෝකය හා තාපය මුදා හරියි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් විසින් විශ්වයේ දීප්තිමත්ම වස්තුව සොයා ගෙන ඇති බව Nature Astronomy විද්‍යාත්මක සඟරාවේ පළකර තිබේ.

මෙම වස්තුව වේගයෙන්ම වර්ධනය වන කළු කුහරයෙන් බල ගැන්වෙන ක්වේසාරයක්(Quasar)ලෙස හඳුන්වා ඇති අතර එය අපගේ සුර්යාට වඩා ට්‍රිලියන 500 ගුණයකින් දීප්තිමත් වන අතර එහි ස්කන්ධය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා මෙන් බිලියන 17කි.

මෙල්බර්න් විශ්ව විද්‍යාලය සහ ප්‍රංශයේ සොබෝන් විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කරන ලද සොයාගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය, ක්‍රිස්ටියන් වුල්ෆ් පැවසුවේ මෙය විශ්වයේ ඇති වඩාත්ම දීප්තිමත් වස්තුව බවත්, එහි ඇදහිය නොහැකි වර්ධන වේගයකින් ආලෝකය හා තාපය මුදා හරින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි