×

බයිඩ්න් සහ ට්‍රම්ප් ගැටෙන අද රෑ!

අද (27) රාත්‍රියේ ඇමරිකා ජනාධිපතිවරණයේ විවාදය ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන අතර, අද රාත්‍රියේ මිනිත්තු 90 ක කාලයක් එය පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (27) රාත්‍රියේ ඇමරිකා ජනාධිපතිවරණයේ විවාදය ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන අතර, අද රාත්‍රියේ මිනිත්තු 90 ක කාලයක් එය පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට මේ වන විට වයස අවුරුදු 81ක් වන අතර තවත් වසර හතරක ධූර කාලයක් ඔහුට ඇමරිකාව පාලනය කළ හැකිද යන්න පිළිබඳ බොහෝ ඇමරිකානුවන් තුළ සැක මතුව තිබෙන බව පැවසේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද 78 වන වියේ පසුවන අතර අධිකරණයේ නඩු කිහිපයකට මුහුණ දෙනු ලැබීය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ වයස හා ශක්තිය පිළිබඳ ජනතා පරීක්ෂාවකට මෙවර ලක්වනු ඇති බව විශ්ලේශකයන් පවසයි.

ජෝ බයිඩෙන් දුර්වල හා අක්‍රමවත් අයෙකු බව පෙන්වීමට ඇතැම් ව්‍යාජ හා නොමඟ යවනසුලු ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන ද ඇතැම් වෙබ් අඩවි භාවිත කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි