×

ඉන්දියාව න්‍යෂ්ටික යුගය වෙත ගෙන ගිය අතල් බිහාරි වජ්පායි සමුගනියි.

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි වයස අවුරුදු 93දී ඊයේ සවස මෙලොවින් සමුගත්තේය.


තෙවතාවක් ඉන්දීය අගමැතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත් වූ අතල් බිහාරි වජ්පායි (Atal Bihari Vajpayee ) පසු ගිය ජූනි මාසයේ සිට අසාධ්‍යව වකුගඩු රෝගයකින් සහ හදවත් රෝගයක් නිසා රෝහල් ගත කර සිටියේය.

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ වජ්පායි අගමැතිවරයා ගේ සමුගැනීම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා එරට රජය දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරන ලදී.

1996 වසරේ දින දහතුනක කාලයක් ද 1998 වසරේදී මාස 11ක කාලයක්ද ඉන්පසු 1999 වසරේ සිට 2004 දක්වාද තෙවතාවක් ඔහු ඉන්දියාවේ අගමැති ධූරය හෙබවීය.

දශකයක කාලයක් ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කළ අතල් බිහායි වජ්පායි 1977 වසරේ සිට 1980 දක්වා ඉන්දියාවේ විදේශ ඇමතිවරයා ලෙස ඉන්දියාව ජාත්‍යන්තරය මත ඔසවා තබන්නට කටයුතු කරන ලදී.

විශේෂයෙන්ම ඉන්දියාව මේ කාලය තුළ විද්‍යාත්මක හා තාක්ෂණික අංශවලින් ලද දියුණුව සඳහා නොමද දායකත්වයක් සැපයූ අයෙක් ලෙස මේ නායකයා සැලකේ.

අබ්දුල් කලාම් සමග | Hindustan Times

අබ්දුල් කලාම් සමග | Hindustan Times

හින්දු සංස්කාතිය ඉන්දියාවේ වටිනාම සම්පත ලෙස ස්ථාපිත කරන අතරවාරයේම අනෙකුත් ආගම් වලටද සමානව සැලකීමටත් ඔහුගේ ප්‍රතිපත්තිය විය.

2002 වසරේ ඉන්දියාවේ ඇතිවූ ආගමික කෝළාහල හේතුවෙන් මරා දැමූ 200කට අධික මුස්ලිම් ජාතීන් වෙනුවෙන් ශෝක වූ භාරතීය ජනකා පක්ෂයේ අතළොස්සක් සාමාජිකයන් අතර වජ්පායි අගමැතිවරයාගේ නම ඉහළින්ම තිබුණි.

Postcard News

Postcard News

සිය පාලන කාලය තුළ ජාති ආගමික භේදයන්ගෙන් තොරව සාධාරණත්වය ඉටු කළ වජ්පායි අගමැතිවරයා ඉන්දියාවේ සීඝ්‍ර තාක්ෂණක හා ආර්ථික වර්ධනය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කළේය. ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවළ දියුණු කිරීමේදී වජ්පායි අගමැතිවරයාගේ දායකත්වය ඉහළින්ම විය.

” අප මෙම අවි ආයුධ කිසිවෙකුට එරෙහිව භාවිත නොකරමු … මේවා අපේ ආරක්ෂාව සඳහාය.“ න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඔහුගේ අදහස එය විය.

1924 වර්ෂයේ දෙසැම්බර් 25 වන දින ඉන්දියාවේ බ්‍රාහ්මණ වංශිකයෙකු ලෙස උපත ලද අතල් බිහාරි වජ්පායි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි ජනමාධ්‍යවේදියෙකු මෙන්ම කවියෙකු ලෙස ද දේශපාලනයට පිවිසීමට පෙර කටයුතු කළේය.

තරුණ වයසේදී කොමියුනිස්ට් මතධාරියෙක් වූ ඔහු ඉන් ඉවත් වූයේ ජාතික ස්වේච්ඡා සේවකයෙක් ලෙස ය. ඉන්පසු දක්ෂිණාංශික පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් හින්දු ජාතිකත්වය සමග දේශපාලනයට පිවිසියේය‍.

දශක පහකට අධික දීර්ඝ දේශපාලන ජීවිතයේ කූටප්‍රාප්තිය සිදු වූ 1990 වසරේ දී, ඔහුගේ අති දක්ෂ කථිකත්වය වටා දහස් ගණන් ජනයා එක්රැස් විය. ඔහුගේ ජන රැළි වළට ඉන්දියාවේ දස දෙසින් ජනතාව රැස් කන්ට විය.

1947 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ පසු ඉන්දියාවේ ප්‍රථම කොංග්‍රස් සාමාජිකයෙක් නොවූ නායකයා වූයේද ඔහුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි