මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය නායිකා අවුන්සාන් සුකීගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ වුවද ජුන්ටාව විසින් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂප කර ඇති බව ඇයගේ පුත්‍රයා විසින් සඳහන් කර තිබේ.
ඒ අනුව, නොබෙල් ත්‍යාගලාභි 78 හැවිරිදි අවුන්සාන් සුකී මහත්මිය දරුණු විදුරුමස් රෝගයකින් පිඩා විදීම හේතුවෙන් අහාර ගැනීමට නොහැකිව පසුවන බැවින් බන්ධනාගාර බලධාරීන් විසින් ඇයට හදිසි ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ජුන්ටාව විසින් ප්‍රතික්ෂප කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ අවුන්සාන් සුකී මහත්මිය 2021 පෙබරවාරියේ සිට හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර හමුදා අත්අඩංගුවේ පසුවේ. ජූලි මාසයේදී ඇයව බුරුමයේ අගනුවර වන Nay Pyi Taw හි සිරගෙදර සිට නිවාස අඩස්සියේ තබා ඇති නමුත් ඇය රඳවා සිටින්නේ නගරයේ කොහේද යන්න පැහැදිලි නැත.
සශිකලා මධුෂාණි