×

සිරගතව සිටින මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී නිවාස අඩස්සිට යොමු කෙරේ

හමුදා ජුන්ටාව මේ වන තෙක් අවුන් සාන් සුකී නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 හැවිරිදි නොබෙල් ත්‍යාග ලාභි මියන්මාරයේ හිටපු රාජ්‍ය නායිකා අවුන් සාන් සුකි බන්ධනාගාරයේ සිට නිවාස අඩස්සියට යොමුකර ඇති බව එරට හමුදා ජුන්ටාව ප්‍රකාශ කර තිබේ.

මේජර් ජෙනරාල් සව් මින් ටුන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, කාලගුණය අතිශයින් උණුසුම් බැවින් තාප ආඝාතයෙන් ආරක්ෂා කිරීමට මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමු වූ බවයි.

2021 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන්සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හැරීමෙන් අනතුරුව සිර අඩස්සියේ පසු වේ. රාජද්‍රෝහීත්වය සහ අල්ලස් දීමේ සිට විදුලි සංදේශ නීතිය උල්ලංඝණය කිරීම දක්වා වූ අපරාධ සම්බන්ධයෙන් ඇය වසර 27ක සිර දඬුවමකට මුහුණ දෙන අතර, ඇය චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ලෝක නායකයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් ඇයව නිදහස් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා ඇති මුත් හමුදා ජුන්ටාව මේ වන තෙක් අවුන් සාන් සුකී නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි