×

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම නාවික හමුදාව ඕස්ට්‍රේලියාව ගොඩනැගීමට සැළසුම් කෙරේ

ශක්තිමත් ඕස්ට්‍රේලියාව ශක්තිමත් නාවික හමුදාවක් මත රඳා පවති.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි වසර 10 තුළ සිය ආරක්ෂක ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 35 කට වඩා වැඩි මුදලක් වෙන් කරමින් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම නාවික හමුදාව ගොඩනැගීමට සැලසුම් කරන බව ඕස්ට්‍රේලියාව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ප්‍රධානී වයිස් ඇඩ්ම් මාර්ක් හැමන්ඩ් ප්‍රකාශ කර තිබුණේ, ශක්තිමත් ඕස්ට්‍රේලියාව ශක්තිමත් නාවික හමුදාවක් මත රඳා පවතින බවත්, එය අපගේ කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමට හා විභව විරුද්ධවාදීන් වැළැක්වීමට සහ අපගේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට මින් අපේක්ෂා කරන බවයි.

මෙම බලකායේ මතුපිට යාත්‍රාවන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ පසුගියදා අත්සන් කළ AUKUS ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සමූහයකට සම්බන්ධ වනු ඇති අතර ඉන් පළමු තුන ඊළඟ දශකයේ මුල් භාගයේදී ලබා දීමට අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි