ජපානයේ රජ කුමරිය අයාකෝ … පසුගිය සඳදා යුග දිවියට ඇතුල් වූයේ රජපවුලේ සියලු සිරිත් අතහරිමින් සාමාන්‍ය ජපන් ජාතිකයෙක් ලෙස යුග දිවියට ඇතුල් වූ වාය. හිටපු ජපන් රජ කුමරු වූ ටකමඩාඩෝගේ තෙවන දියණිය වූ ඇගේ මනාලයා වූයේ කෙයි මොරියා නම් සාමාන්‍ය පවුලක තරුණයාය.
ජපානයේ ටෝකියෝහී පූජනීය ස්ථානයක් වූ මෙජි ශ්‍රයින් පන්සලේදී ෂින්ටෝ සිරිත් විරිත් සමග සාමාන්‍ය චාරීත්‍රවලට අනුව අතිනත ගත අයාකෝ සහ කෙයි මොරියා වෙනුවෙන් ජපානයම අත්පොළසන්දෙන්නට වුවත් ඒ ගැන වඩ වඩා කතා බහ කරන්නට පටන් ගත්හ.
28 හැවිරිදි අයෝකෝ වත්මන් රජකුමරුගේ ඥාති සොහොයුරා මොරියාගේ දියණියයි. ඇගේ අතිනත ගත් මොරියා 32 හැවිරිදි වියේ පසුවන ජපානයේ සුප්‍රසිද්ධ නැවු සමාගමක් වන නිපෝන් යුසෙන් හී සේවය කරන්නෙකි.
(Kyodo News via AP)
ජපනයේ රජ කුමරෙක් සාමාන්‍ය කාන්තාවක් විවාහා වූ විට ඈ රජ පවුලේ සාමාජිකයෙක් බවට පත් වුවද රජ කුමරියක සාමාන්‍ය පවුලක තරුණයෙක් හා විවාහ වූ විට ඈට රජ පවුල අහිමි වෙයි. ඈ සාමාන්‍ය වැසියෙක් බවට පත් වන්නේය.
ඒත් සමගම ජපන් රජුගේ මිණිපිරියද මේ වන විට 2020 දී සාමාන්‍ය තරුණයෙක් හා විවාහ වීමට තීරණය කර ඇති බවට පකාශයක් සිදු කර ඇත.
සිය දියණියන් මිණිපිරියන් රජ පවුල එසේ රජ පවුල අත හැර සාමාන්‍ය ජනතාව හා එක් වන්නට තීරණය කරමින් සිටියදී අකිහිතෝ රජුද තමන් රජකම හැර යන්නට තීරණය කළ බවට ප්‍රතාශයක් සිදු කර තිබේ. ඉන් පසුව ඔහුගේ වැඩිමහල් පුත් නරුහිටෝ කුමරුට මී ලග මැයි මාසයේ සිට රජකම හිමිවනු ඇත.
අයාකෝ සහ මොරියාගේ මවුවරුන් හොඳ මිතුරියන් වීම ඔවුන්ගේ සමීප සබඳතාවට හේතුව විය .