×

වහල් වෙළදාම හා සම්බන්ධ හිටපු ප්‍රධානීන්ගේ පිංතූර එංගලන්ත බැංකු බිත්තියෙන් විසි වේ

2020 ජුනි මාසයේදී සිදු කළ විමර්ෂණයේ සමාලෝචනය ප්‍රකාශයට පත් කරමින් එංගලන්ත බැංකු ප්‍රධානීන්   කියා සිටියේ එංගලන්ත බැංකුව කිසි විටෙකත් වහල් වෙළඳාමට කෙලින්ම සම්බන්ධ වී නැති නමුත් හිටපු ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධ “සමාව දිය නොහැකි සම්බන්ධතා” ගැන දන්නා බවත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින බවත්ය.


සිය ආයතනය හා සම්බන්ධ සියළු මධ්‍යස්ථානයන්හී   බිත්ති මත මෙතෙක් ප්‍රදර්ශනය කර තිබූ ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ සහ බැංකු ප්‍රධානීන්ගේ උඩුකය ඡායාරූප සහ සිතුවම් ඉන් ඉවත් කිරීමට එංගලන්ත බැංකු ප්‍රධානීන් විසින් කටයුතු කර ඇත. 18 සහ 19 වන සියවසයන් හීදී එරට වහල් වෙළදාම  හා සමබන්ධ නායකයින්ගේ සහ ඊට කුමන අයුරකින් හෝ අනුබල දුන් පුද්ගලයින්ගේ ඡායාරූප එංගලන්ත බැංකුව විසින් එසේ ඉවත් කර ඇත.

එංගලන්තය තුළ වර්ගවාදය සම්බන්ධ මූලික සංධිස්ථානයක් සේ සැළකෙන පසුගියදා පැවති බ්ලැක් ලයිව්ස් මැටර්ස් විරෝධතාවත් සමග එංගලන්යේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුව වන හෙවත් එංගලන්ත බැංකුව  Bank of England  විසින් ප්‍රකාශ කරන ලද්දේ තමන් මේ පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කරන බවයි.

ඒ අනුව සිදු කළ විමර්ෂණයක ප්‍රතිඵලය ලෙස මෙම තීරණය ගෙන ඇති අතර බැංකුව හා සමගාමී එංගලන්ත බැංකු කෞතුකාගාරයේද වහල් සේවය හා සම්බන්ධව පවතින ඡායාරූප පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන් විසින් කටයුතු කර ඇත.

බැංකුවේ ආරම්භක අධ්‍යක්ෂ සහ අධිපති ගිල්බට් හීත්කෝට්, ජේම්ස් බේට්මන්, රොබර්ට් බ්‍රිස්ටෝ, රොබට් ක්ලේටන්, විලියම් ඩෝසෝන්, විලියම් මැනිං සහ ජෝන් පියර්ස්ගේ ඡායාරූප ඒ අතර විය. ඒවා එංගලන්ත බැංකු මූලස්ථානය සහ යාබද කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා තිබුණි. එංගලන්ත බැංකු ප්‍රධානීන් පවසන්නේ සිය ආයතනය කිසි විටෙකත් වහල් වෙළඳාමට සෘජුවම සම්බන්ධ වී නැති නමුත් හිටපු ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් ඒ හා සම්බන්ධව “සමාව දිය නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවට ” දන්නා බවත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින බවත්ය.

2020 ජුනි මාසයේදී සිදු කළ විමර්ෂණයේ සමාලෝචනය ප්‍රකාශයට පත් කරමින් එංගලන්ත බැංකු ප්‍රධානීන්   කියා සිටියේ එංගලන්ත බැංකුව කිසි විටෙකත් වහල් වෙළඳාමට කෙලින්ම සම්බන්ධ වී නැති නමුත් හිටපු ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධ “සමාව දිය නොහැකි සම්බන්ධතා” ගැන දන්නා බවත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින බවත්ය.

එමෙන්ම වසර 330 ක් පැරණි ලොයිඩ් හි ලන්ඩන් රක්‍ෂණ වෙළඳපොල විසින්ද පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රසිද්ධ කරන ලද්දේ අප්‍රිකානු සහ කැරිබියානු වහල්භාවය සහ අහෝසි කිරීමේ ඉතිහාසය හා සම්බන්ධ කෞතුක වස්තු පර්යේෂණ කිරීම සඳහා වූ ලේඛනාගාර නිලධාරියෙකුගේ සහය අවශ්‍යව ඇති බවයි.

මෙකී මූල්‍ය ආයතන දෙකම පිහිටා ඇති ලන්ඩන් නගරයේ වන අතර එහි පිහිටා ඇත පැරණි ගිල්ඩ්හෝල් නිවසේ ඇති ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයෙකු වන විලියම් බෙක්ෆර්ඩ්ගේ ප්‍රතිමාවට කුමක් කළ යුතු දැයි යනුන සමාලෝචනය කරමින් සිටී.

ඔහු 18 වන සියවසේදී ලන්ඩන්හි නගරාධිපති ලෙස දෙවරක් ලෙස කටයුතු කර ඇති අතර ඔහු සෘජුවම වහල් සේවය යොදා ගනිමින් ජැමෙයිකාවේ වතු වගා කළ බවට වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි