×

ලිංගික අපයෝජන චෝදනාවකට ලන්ඩනයේ බැරිස්ටර්වරයකුට වසර හතරක සිරදඬුවමක්!

ලන්ඩන් නීති සමාගමක් වන Sinclairslaw හි සේවය කළ විශේෂඥ අධ්‍යාපන නීතීඥයෙකු වන ජේකොබ්ස් ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වෙයි..


ලිංගික අපයෝජන චෝදනාවක් හේතුවෙන් වරදකරු වූ ලන්ඩනයේ බැරිස්ටර්වරයෙකුට ජූරි සභාවට බැණ වැදීම හමුවේ වසර 4 ක සිර දඩුවම් ලැබුණි.

ඒ 39 හැවිරිදි රොබින් ජේකොබ්ස් හටයි.

ඔහු සම්මුතිගත ලිංගික සබඳතාවයකින් අනතුරුව අනපේක්ෂිත ලෙස ගුද ලිංගික සංසර්ගයේ යෙදීමට තැත්කර ඇති අතර, වින්දිත කාන්තාව එය නවතා දමන ලෙස ඉල්ලා සිටියදීත් දිගින් දිගටම බලහත්කාරයෙන් ඈව අපයෝජනය කළ බව ඈ ලන්ඩනයේ ඕල්ඩ් බේලි අධිකරණයට පැවසීය.

ඔහු අධිකරණය හමුවේ ‘තමා එය නොකළ’ බව දිගින් දිගටම කෑ ගසමින් බැණ වැදී ඇත.

ලන්ඩන් නීති සමාගමක් වන Sinclairslaw හි සේවය කළ විශේෂඥ අධ්‍යාපන නීතීඥයෙකු වන ජේකොබ්ස් නැමැත්තාගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔහුගේ උපදේශකයා අවධාරණය කළේ එය ඔහුගේ එවකට හඳුනා නොගත් ඔටිසම් වර්ණාවලි ආබාධයේ (autism spectrum disorder) ප්‍රතිඵලයක් බවයි.

මෙම යුවළ 2017 සිට අන්තර්ජාලය හරහා මුණගැසී ඇති අතර, ඈව අපයෝජනය කිරීමට පෙර අවස්ථා දෙකක සම්මුතිගත ලෙස හමුවී ඇත. ඒ අනුව මෙම අපයෝජනය සිදුව ඇත්තේ තුන්වන හමුවේදී ය.

ජේකොබ්ස් විසින් ඔහුට එල්ල වී ඇති අපයෝජන චෝදනාව තරයේ ප්‍රතිකේෂ්ප කරනු ලැබුවත් සතියක නැවත නඩු විභාගයකින් අනතුරුව, එනම් ඉකුත් බ්‍රහස්පතින්දා දින ඔහු වරදකරු ලෙස හෙළිදරව් විය.

ජේකොබ්ස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ස්ටීවන් රෝස්, තම සේවාදායකයාගේ වරද විස්තර කළේ ‘ක්ෂණික අත්වැරැද්දක්’ ලෙසයි. තවද ඔහුගේ අබාධිතභාවය ද මීට හේතුවක් ලෙස ඉදිරිපත් විය.

බැරිස්ටර්වරයා විසින් ඔහුට විරුද්ධව ඇති දැඩි චෝදනා ප්‍රතිකේෂ්ප කිරීම නිසා විනිසුරු ජෝන් හිලන් ජේකොබ්ස් ට පැවසුවේ එය උසාවියෙහි වගකීම සහ යුතුකම බවයි.

ඒ අනුව විනිසුරුවරයා ඔහුට වසර හතරක සිරදඬුවමක් නියම කළ අතර, ඔහුගේ වරදෙහි විනාශකාරි බලපෑම පිළිබඳව තවදුරටත් පැහැදිලි කළේය.

ඕවින්දි විශ්මිකා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි