×

ලුකාෂෙන්කෝගේ බළලා මල්ලෙන් එළියට; සිය හමුදාව පුහුණු කරන ලෙස වැග්නර් නායකයාගෙන් ඉල්ලයි

බෙලරුසියානු ජනාධිපතිවරයා සිය කතාවේදී තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෝක පරිමාණ මිලිටරි-දේශපාලන අර්බුදයක් ඇතිවෙමින් පවතින බවයි.


ජූනි මස 3 වන දිනට යෙදුන බෙලරුසියානු නිදහස් දිනයට සමගාමීව ඊයේ(30) දිනයේදී පවත්වන ලද දේශනයකදී බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගෙන් සිය හමුදාව පුහුණු කර දෙන ලෙස ඉල්ලා සිටි බව බෙලරුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

රුසියාව වෙනුවෙන් යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටි යෙව්ගනි ප්‍රිගොෂින්ගේ වැග්නර් කුලී හමුදාව පෙරළා රුසියාවට එරෙහිව පැය 24ක අභ්‍යන්තර කැරැල්ලක් දියත් කළ අතර රුසියාවට අයත් නගර අත්පත්කර ගනිමින්, ඔවුන් මොස්කවු බලා එමින් සිටියදී සන්නද්ධ කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා බෙලරුස් ජනාධිපති ලුකාෂෙන්කෝ ප්‍රිගොෂින් බෙලරුසියාව වෙත යන ගිවිසුමක් ඇති කරගනු ලැබීය.

බෙලරුසියානු ජනාධිපතිවරයා සිය කතාවේදී තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෝක පරිමාණ මිලිටරි-දේශපාලන අර්බුදයක් ඇතිවෙමින් පවතින බවත්, වැග්නර් සමූහ සාමාජිකයන්ට බිය නොවන ලෙසත්, තමා දිගු කලක සිට ඔවුන්ව හඳුනන බවත්, මොවනුන් සාමය වෙනුවෙන් ලොවපුරා සටන් කළ බවත්, බටහිර රටවල් ඔවුන්‌ට මුළුමනින්ම වෛර කරන බවත්ය.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : පුටින්ට එරෙහි කෝකියාගේ සටනේ තරඟයේ වීරයා ලුකාෂෙන්කෝ ද?

පුටින්ට එරෙහිවූ කෝකියාගේ සටනේදී තරඟයේ වීරයා ලුකාෂෙන්කෝ ද ?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි