×

පුටින්ට එරෙහිවූ කෝකියාගේ සටනේදී තරඟයේ වීරයා ලුකාෂෙන්කෝ ද ?

මේ වන විට ලුකෂෙන්කෝ පුටින්ට නැතිවම බැරි කපා දැමිය නොහැකි චරිතයක් බවට පත්ව ඇති අතර ඔහු ප්‍රිගෝෂින්ගේ කුලී හමුදාවට නවාතැන් දෙමින් පළපුරුදු කුලී හේවායන් දහස් ගණනක් ද ලබා ගනු ඇත.


යුක්රේනයට එරෙහිව රුසියාව විසින් මෙහෙයවන ලද කුලී සේනාංකයන් වන වැග්නර් හමුදාව පසුගියදා රුසියන් හමුදා නායකත්වයට එරෙහිව පෙරළා අභ්‍යන්තර කැරැල්ලක් ඇති කළ අතර ඔවුන් නගර කිහිපයක් සියතට ගනිමින් මොස්කව් අත්පත් කරගැනීම වෙනුවෙන් පෙරළා පැමිණි අතර, ඊට සාපේක්ෂව රුසියාව මොස්කව් ඇතුළු නගර කිහිපයක ත්‍රස්ත විරෝධී ක්‍රියා අනුගමනය කරනු ලැබීය.

මෙහිදී වැග්නර් හමුදා නායක යෙව්ජිනි ප්‍රිගෝෂින් කලක සි‌ට පුටින්ගේ ප්‍රයතම අවන්හලක කෝකියෙකු ලෙස හඳුනා ගෙන ඇති අතර ඔහු කලක් සිරගතව සිට ධනවත් වූ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ කුලී හමුදාව සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ට ඔහුගේ රටෙන් වැඩි කොටසක් නැවත ලබා ගැනීමට උදව් කළ අතර පසුව ලිබියාවේ සහ උප සහරා අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.

රුසියාවට එරෙහිව දියත් වූ පැය 24ක කැරැල්ල තුළ වැග්නර් ප්‍රධානියා සියලු චෝදනාවන්ගෙන් නිදහස් කිරීමත් සමඟ මොස්කවු බලා ආ ගමන අතර මඟ නවතා දැමීමට කරන ලද යෝජනා අතර බෙලරුසියාට පිටුවහල් කිරීමට එකඟ විය.

මෙහිදී බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ තරඟයේ වීරයා බවට පත් විය. මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙන්නේ යුරෝපයේ අවසාන ආඥාදායකයා ලෙස හදුන්වන ලුකාෂෙන්කො විරෝධතා මර්දනය කර ඇත්තේ දරුණු කෲරත්වයකින් බවයි. මේ වන විට ඔහු පුටින්ට නැතිවම බැරි කපා දැමිය නොහැකි චරිතයක් බවට පත්ව ඇති අතර ඔහු ප්‍රිගෝෂින්ගේ කුලී හමුදාවට නවාතැන් දෙමින් පළපුරුදු කුලී හේවායන් දහස් ගණනක් ද ලබා ගනු ඇත.

වැග්නර්වරුන්ට නවාතැන් දීම පිළිබඳව Verstka ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ, බෙලාරුසියානු බලධාරීන් රුසියානු දේශසීමාවේ පිහිටා ඇති මොගිලෙව් කලාපයේ වනාන්තරවල වැග්නර් මිනිසුන් 8,000 ක් සඳහා කඳවුරු ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි. ලුකාෂෙන්කෝ සහ ප්‍රිගොෂින් අතර දුරකථන ඇමතුම් කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙම ගිවිසුම සිදුවී ඇත.

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියාව දෙසට ඇස තබා සිටින අතර 1990 ගණන්වල අගභාගයේදී ඔහු සහ රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් සමඟ එක්ව ඔවුන්ගේ ජාතීන් දෙක “යුනියන් ස්ටේට්” බවට ඒකාබද්ධ කිරීමට සැරසෙන විටදී යෙල්ට්සින්ගේ දුර්වල සෞඛ්‍යය සහ මත්පැන් පානය නිසා ලුකෂෙන්කෝ රාජ්‍ය දෙකෙහිම නායකත්වය දීමට බලාපොරොත්තු විය.

නමුත් යෙල්ට්සින් පුටින්ව අනුප්‍රාප්තිකයෙකු ලෙස අභිෂේක කිරීමත් සමඟ ලුකෂෙන්කෝගේ වැදගත්කම හීන විය. ඒ අනුව විශ්ලේෂකයන් පවසන්නේ වැග්නර් කුලී හමුදාව හරහා ඔහු නැවත රුසියාවේ බලය යෙදවීමට අවස්ථාවක් උදාකර ගනීද යන්න සැක සහිත බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි