1969 ජූලි 24 දින උපත ලද ජේලෝ නොහොත් “ජෙනිෆර් ලෝපෙස්” මේ වන විට 53 වන වියෙහි පසු වෙයි. හොලිවුඩයේ නවතම තොරතුරු වලට අනුව ඇය දෙවන වරටත් “බෙන් අෆ්ලෙක්” සමග විවාහ ගිවිස ගෙන ඇත. ඔවුන්ගේ ජීවිත කතාව පිළිබඳ සැලකීමේ දී;
•2001 වසරෙහි “Gigli” movie එක හරහා මොවුන් සම්බන්ධ වීමත් සමග එකිනෙකා හඳුනා ගනී.
•2002 නොවෙම්බර් මාසයේ දී අෆ්ලෙක්, ජේලෝ ට විවාහ යෝජනාව ඉදිරිපත් කිරීමත්, එහි පිළිතුර ලෙස ඇය තම කැමැත්ත ‘Yes’ ද පළ කර ඇත.
•2004 වර්ෂය ආරම්භයට පෙර ඔවුන් භේද විය.
•2021 දී ඔවුනොවුන්ට පැවති සම්බන්ධතාවන් නිම කරමින් නැවතත් ඒ දෙපළ සැරිසරන ඇයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය.
මෙසේ ඒ දෙපළගේ ජීවිතයෙහි නොයෙකුත් සංධිස්ථානයන් පසු කරමින් වර්තමානයේ දී ඔවුන් අතැගිලි පටලවාගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කරමින් සිටී.
බෙනිෆර් විවාහය චාර්ම් විවාහ මංගල උත්සවයක් ලෙස පැවැත් වූ එකකි. එයට හේතුව නම් ජේලෝ ගේ සහ අෆ්ලෙක්ගේ විවාහ රාමුව වූයේ ” Fun and Casual ” වීමයි. ඔවුන් ගේ විවාහ ගිවිස ගැනීම ලාස් වේගාස් හි දී නිල වශයෙන් 2022 ජූලි මාසයේ ප්‍රකාශට පත් කොට අනතුරුව දෙවන වරටත් 2022 අගෝස්තු මස ජෝර්ජියාවේ හි දී පැවැත් විය.
ළඟින්ම ආශ්‍රය කරන හිත මිතුරන් සහ නෑදෑ පිරිසගේ මෙන්ම ඔවුනොවුන්ගේ දුවා දරුවන් පිරිවරාගෙන මෙම මංගල උත්සවය ඔවුන් පැවැත්වී ය. මෙහි විශේෂත්වයක් වන්නේ මංගල උත්සවයට සහභාගි වූ සෑම දෙනාම සුදු පැහැ ඇඳුමින් සැරසී සිටීමයි. මෙයට සහභාගී වූ විශේෂ ආරාධිතයන් ලෙස Matt Damon , Luciana Barroso , Kevin Smith පැමිණ තිබේ.
කෙවින් ස්මිත් ට්විටර් හි ඔහුගේ සඳහනක් මෙසේ තබා තිබුණි.
ජෙනිෆර් නම් තම විවාහය පිළිබඳ බොහෝ සතුටු වන බවක් ඇයගේ යම් යම් ප්‍රකාශයන් තුළින් දැන ගැනීමට හැකිය. අවසානයේ දී ඇය Jennifer Lopez නොව Jennifer Affleck විය. නමුත් මේ සඳහා ප්‍රේක්ෂකයන්ගේ නම් වැඩි කැමැත්තක් තිබුනේ නැහැ.
කෙසේ නමුත් මෙම විවාහය දිගුකල් පවතියි’ යන බලාපොරොත්තුව සමගින් “බෙනිෆර්”යුවලට සුභ පැතුම් එක් කරමු!
නිපුනි ලියනගේ
First peek at my wedding looks at https://t.co/G5oGxueBXF pic.twitter.com/ftgNiS3oql
— jlo (@JLo) August 23, 2022