යුරෝපා සංගමය බුධ ග්‍රහයා වෙතට අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කරයි. එම යානාව හෙට (20) දිනයේ දියත් කිරීමට නියමිත ය. ඒ, යුරෝපයේ අති දැවැන්ත ඇරීන් රොකට්ටුවේ ආධාරයෙනි.
යුරෝපය මෙම විස්කම කරන්නේ ජපානයේ ද තාක්ෂණික සහාය ඇතිව ය. මෙහිදී මෙම දෙපාර්ශවයම එක්ව යානා දෙකක් නිර්මාණය කර ඇති අතර, එම දෙකේ එකතුවෙන් හෙට දිනයේ පෘථිවිය හැර යන යානාව හැඳින්වෙන්නේ ‘බෙපී කලම්බෝ‘‘ යනුවෙනි. බෙපී කලම්බෝ යනු ඉතාලියෙන් බිහි වූ ලෝ ප්‍රකට ගගනගාමියෙකි.
මෙම බුධ මෙහෙයුම ‘බෙපීකලම්බෝ‘ මෙහෙයුම යනුවෙන් ද නම් කර තිබේ.
බුධ ග්‍රහයා වෙත යානයක් යැවීම අතිශය අවදානම් සහ රැවටිලිකාර වැඩකි. එයට හේතුව, සූර්යයාට ළඟින්ම පිහිටා තිබෙන ග්‍රහලොව වීම නිසා මෙම ග්‍රහලෝකය අවට අති දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වීමයි. මෙමගින් යානාව දැඩි සේ සූර්යයා වෙතට හා සූර්යයා තුළට ඇද ගැනීමට උත්සාහ කෙරේ. එවිට සිදුවන්නේ හිරු තුළ ගිලී සැඟවී වැනසී යාමට ය.
මෙම අභ්‍යවකාශ මෙහෙයුමේ නායිකාව වශයෙන් ක්‍රියා කරන්නේ කාන්තාවක් වීම ද විශේෂත්වයකි. ප්‍රධාන පාලක මැදිරිය භාරව සිටින ඇගේ නම එල්සා මොන්ටගොනන් ය.
ඇය විසින් බෙපී කලම්බෝ යානාව සෙනසුරු ග්‍රහයාට ආසන්නයෙන් දෙවරක් පියාසර කරවීමට නියමිත ය. එහිදී සෙනසුරුගේ බලයෙන් බෙපී කලම්බෝ වේගය ලබාගනු ඇත.
බෙපී කලම්බෝ යානය බුධග්‍රහයා වෙත යාමට සැලසුම් කර තිබෙන්නේ වසර 2025 දෙසැම්බර් මාසයේදී ය. එම කාල සටහන පහත පරිදි වේ.
ඒ සමගම බුධ ග්‍රහයාගේ සැඟවුණු අබිරහස් රැසක් නිරාකරණය කර ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
ඒ රහස් අතරින් ප්‍රධානතම රහස වන්නේ බුධ ග්‍රහයාගේ ස්කන්ධයෙන් 60%කට වග කියන ලෝහයම හරය (මදය) අධ්‍යයනය කිරීමයි.
මේ මෙහෙයුමේදී බුධ ආසන්නයට ගිය විට බෙපී කලම්බෝ දැවැන්ත අභියෝග දෙකකට මුහුණ දෙනු ඇත. එනම් එය එක් පසෙකින් සූර්යයාගේ දැඩි රශ්මියෙන් පිච්චෙන්නටත් තැම්බෙන්නටත් පටන් ගනු ඇත. අනෙක් පැත්තෙන්, එය බුධ ග්‍රහයා කෙරෙන් ඇදී එන තාප විකිරණයට ගොදුරු වනු ඇත.
විද්‍යා ලෝකය විශ්වාස කරන ආකාරයට බුධ ග්‍රහයා යනු නිකම්ම නිකම් ‘බාබකියු එකක් මෙන් උණුසුම්‘ ලෝහ ගුලියක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලය තුළ වෙනත් ග්‍රහලෝක බිහිවූයේ කෙසේද යන්න පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් එය විසින් සඟවාගෙන සිටියි.