×

බයිඩන් හා ට්‍රම්ප් ටෙක්සාස් හි එක්සත් ජනපද දේශසීමා නිරීක්ෂණයක

ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදය සංක්‍රමණිකයන් මිලියන 6.3 කට වැඩි ප්‍රමාණයක් රඳවාගෙන ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ඊයේ(29)දිනයේදී ටෙක්සාස් හි එක්සත් ජනපද දේශසීමා වෙත ගොස් ඇති අව වාර්තා වේ.

මෙම ප්‍රශ්නය මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කේන්ද්‍රීය සාධකයක් වනු ඇති බවයි විශ්ලේෂකයන් මෙහිදී දක්වා ඇත්තේ,

ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදය සංක්‍රමණිකයන් මිලියන 6.3 කට වැඩි ප්‍රමාණයක් රඳවාගෙන ඇති බැවින් මෙම ප්‍රශ්නය දැඩි අවධානයට ලක්ව තිබේ. දේශසීමා ප්‍රශ්නයේ වැදගත්කම ඡන්ද විමසීමෙන් පෙන්වා දී ඇති අතර පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ මත විමසුමකට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් කියා තිබුණේ, ජනාධිපති බයිඩන් මෙය විසඳන ආකාරය අනුමත කළ නොහැකි බවයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016-20 සිය ජනාධිපති ධුර කාලය තුළ මෙක්සිකෝවේ දේශසීමා තාප්පයක් ඉදිකිරීම ආරම්භ කළේය. ටෙක්සාස් වෙත පැමිණි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබුණේ, මැද පෙරදිග සහ අප්‍රිකාවේ සිට දහස් ගනනක් සංක්‍රමණිකයන් මෙක්සිකෝවෙන් නීතිවිරෝධී ලෙස තරණය කරන බවත් ඔවුන් බොහෝදෙනා ලතින් ඇමරිකානුවන් බවත්, තමා නැවත තේරී පත් වුවහොත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමට කටයුතු කරන බවත්, මෙම පිළිබඳ ප්‍රශ්නය පිලිබඳ තමා වඩාත් සැලකිලිමත් වන බවත්ය.

නීතිවිරෝධී සංක්‍රමණ නැවැත්වීමට ප්‍රමාණවත් දෙයක් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා ලබා පසුගිය මස තුලදී දෝෂාභියෝගයට ලක් වූ පළමු එක්සත් ජනපද කැබිනට් සාමාජිකයා බවට පත් වූ Alejandro Mayorkas සමඟ බ්‍රවුන්ස්විල් හි දේශසීමා නිලධාරීන් හමු වූ ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ද්විපාර්ශ්වික දේශසීමා ප්‍රතිසංස්කරණ පනත මේ වන විට සෙනෙට් සභාව විසින් අවහිර කර ඇති අතර කෙටුම්පතෙහි යම් දෝෂ ඇති වුවද, දේශසීමා ආරක්‍ෂාව සහ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දශක ගණනාවක් පුරා පැවති බාධකය බිඳ දැමීම සඳහා 2024 දී එක්සත් ජනපදයට ලබාගත හැකි සුවිශේෂිතම පනත එය බැවින්, මේ අවස්ථාවේදී තමා හා එක්ව සිටින ලෙසත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි