×

කොවිඩ් මර්දනය පිළිබඳ බයිඩන්ගේ නිවේදනය ට්‍රම්ප් ගේ පළමු ජාතිය ඇමතීමේ කතාව අභිබවා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගනියි

එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා එරට කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ජාතිය අමතා සිදුකළ කතාව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ පළමු ජාතිය ඇමතීමේ කතාව අභිබවා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට සමත් ව ඇති බවට වාර්තා වේ.


රොයිටර් පුවත් සේවයට අනුව, ඉකුත් බ්‍රහස්පතින්දා දින බයිඩන් මහතා ජාතිය අමතා කොවිඩ් මර්දන වැඩපිළිවෙල පිළිබඳව සිදුකළ ප්‍රකාශය මිලියන 18.2 පමණ වූ ග්‍රාහක සංඛ්‍යාවක් නරඹා තිබේ.

බයිඩන්ගේ කතාව ඇමරිකානු ප්‍රමුඛ පෙලේ රූපවාහිනී නාලිකා වන ඒබීසී, සීබීසී, එන්බීසී සහ ෆොක්ස් හි තිරගත වී තිබේ.

හිටපු ඇමරිකානු ජනපති ට්‍රම්ප් මහතා පළමු වරට ජාතිය ඇමතීමේ කතාව සිදුකරනු ලැබුවේ 2017 වර්ෂයේ අගෝස්තු මස වන අතර, එයට ලැබී තිබූ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 17.7 පමණි.

ඒ ජනපතිධුරයේ වැඩ අරඹා මාස හතක් ගතවූ පසුය.

ට්‍රම්ප් ගේ ප්‍රකාශය තුළ අන්තර්ගත වූයේ ඇෆ්ගනිස්තානයේ යුධමය වාතාවරණය පිළිබඳව ය.

බයිඩන් ගේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාතිය ඇමතීමේ ප්‍රකාශය සිදුවන්නේ ඔහු ධුරයේ දිව්රුම් දී මාස දෙකක පමණ කාලයකට පසු සහ ඒ වන විටත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.9 ක ප්‍රතිපාදන ඇතුලත් පනත් නීතීන් බවට සම්මත කොට අවසාන වූ වාතාවරණයක් තුළ වීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි