×

ඇමරිකානු ඉතිහාසයේ ලොකුම ලොතරැයි දිනුම

එදා මෙදා ඇමරිකානු ඉතිහාසය තුළ එක් පුද්ගලයෙක් විසින් දිනා ගත් වැඩිම ඩොලර් ප‍්‍රමාණය නොබෝදා ඇමරිකාවේ කැරොලිනා ජාතිකයෙක් විසින් දිනා ගෙන ඇත.


මෙම විශාල දිනුමේ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කි. BIGGEST LOTTERY WINNER

මෙගා මිලියන්ස් නමින් හදුන්වන මෙම ලොතරුයි දිනුමේ දිනුම් අංක වූයේ 28,70,5,62,65 යන අංකයි.

පසුගියදා මෙම විශාල දිනුම තමන් සතු කර ගැනීම සදහා දහස් ගණන් පිරිස් රට වටා පෙළගැසී සිටියහ.

ඇමරිකාවේ ප‍්‍රාන්ත 44ක මෙම ටිකට් පත විකුණා ඇත. මෙගා මිලියන්ස් ලොතරුයි සමාගම පවසන්නේ මෙ ජයග‍්‍රහණය සැබවින්ම මෙය ඓතිහාසික එකක් බවයි.

ජයග‍්‍රාහකයාට තමන්ගේ මුදල් ලබා ගැනීම සදහා ක‍්‍රම දෙකක් අදාළ ලොතරැයි සමාගම විසින් යෝජනා කර තිබුණ අතර බදු මුදල් ගෙවීමෙන් පසු එක්වර ඩොලර් මිලියන 913ක් හිමි කර ගැනීම හෝ වසර 29ක් පුරා මාසික වාරික ලෙෂ මුදල හිමි කර ගැනීම එම යෝජනා ද්විත්වයයි.

දිනුම් ඇදීමට පෙර වාසනාව උරගා බලන්නට සූදානම් සිටි අය තමන් ජය ගතහොත් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිිබද ලොතරැයි ආයතනය හා පවසා තිබූ අතර නවතම දූපතක් තමන්ටම කියා මිලදී ගැනීම, වේගවත්ම කාරයක් මිලට ගැනීම, වෙළඳසැලක් ආරම්භ කිරීම ආදී සිහින ඒ අතර විය.

මින් පෙර ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ජයග‍්‍රහණ හිමිකර දුන් ටිකට් පත්වල ජයග්‍රාහී මුදල් ප්‍රමාණයන් මෙසේ ය.

2016 – ඩොලර් බිලියන 1.58
2017 – ඩොලර් මිලියන 758.7
2012 – ඩොලර් මිලියන 656
2013 – ඩොලර් මිලියන 648



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි