×

බිල් ගේට්ස් : මළපහ බෝතලයක් සමග!

බිල් ගේට්ස් චීනයේ පැවති සමුළුවක් අැමතුවේ මිනිස් මළපහ සහිත වීදුරු බෝතලයක් මේසය මත තබාගෙන ය!


ඔහු සැබවින්ම ඒ කතා කළේ මේ ලෝකයේ වැසිකිළි හිඟය ගැන ය.

වැසිකිළියේ අනාගතය යනුවෙන් චීනයේ බෙයිජිං නුවර පැවති ‘Reinvented Toilet Expo’ සමුළුවේදී ඔහු පැවසුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට තිබෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ වැසිකිළි ගැටළුව බවයි.

ලෝක ජනගහනයෙන් හරි අඩකට පිරිසිදු වැසිකිළි පහසුකම් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

ඇතැම් ජාත්‍යන්තර ජන මාධ්‍ය බිල් ගේට්ස්ගේ මෙම ප්‍රවේශය ‘ස්ටන්ට් එකක්‘ ලෙස හඳුන්වා දෙන විට බිල් ගේට්ස් අතිශය සාමාන්‍ය ලීලාවෙන් එ් දෙස ගැඹුරු බැලුම් හෙළමින් ඒ ගැන කතා කළේය. ‘‘විවෘත එළිමහනේ මළපහ කිරීම, දරුවන්ගේ සනීපාරක්ෂාව, මන්ද පෝෂණය, ජීවිතයේ ගුණාත්මය පමණක් නොවෙයි, මරණය සිදුවීම කෙරෙහි ද බලපෑම් ඇති කරනවා“ යැයි ඔහු එහිදී කියා සිටියේය.

Visitors look at a model of a self-contained toilet at the Reinvented Toilet Expo in Beijing

Visitors look at a model of a self-contained toilet at the Reinvented Toilet Expo in Beijing

ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවශ්‍යතා ලැයිස්තුවට ආහාර පමණක් නොව, මළපහ කිරීමේ පහසුකම් ද ඇතුළත් විය යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.

බිල් ගේට්ස්, මළ පහ බෝතලයක් මේසය උඩ තබාගෙන කතා කිරීම වැනි අමුතු දේ කරන්නේ අද ඊයේ දිනක සිට නොවේ. 2009 වසරේදී ඔහු කැලිෆෝනියා ජනපදයේ තාක්ෂණික, විනෝදාස්වාද සහ නිර්මාණාත්මක හෙවත් ලෝ ප්‍රකට ටෙඩ් සමුළුවේදී (TED) සම්මන්ත්‍රණ ශාලාව තුළ මදුරුවන් නිදහස් කළේ මැලේරියාව පිළිබඳ උනන්දුව ඇති කිරීම පිණිස ය. එම මදුරුවන් මැලේරියා වාහකයන් නොවන බව පැවසීමට ඔහු නොසන්සුන් විනාඩියකට අධික කාලයක් ගත්තේය.

Visitors look at a model of a self-contained toilet at the Reinvented Toilet Expo in Beijing

Visitors look at a model of a self-contained toilet at the Reinvented Toilet Expo in Beijing

Visitors look at a display of a self-contained sewage treatment facility the toilet expo in Beijing

Visitors look at a display of a self-contained sewage treatment facility the toilet expo in Beijing

ලෝකයේ තත්වය

යුනිසෙෆ් (892) සංවිධානයේ දත්තවලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 892කට වැසිකිළි පහසුකම් නොමැති කම නිසා එළිමහනේ මළපහ කිරීමට සිදුව තිබේ.

ඉන්දියාවේ වැසිකිළි විප්ලවය

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ පසුව සිදුකළ වඩාත්ම ප්‍රශංසනීය මෙහෙවරක් ලෙස අවිවාදයෙන් සැලකෙන්නේ වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා පියවර ගැනීමයි. මෙය ‘මෝදිගේ වැසිකිළි විප්ලවය‘ යනුවෙන් හැඳින්වේ. 2014 වසරේදී මෝදි බලයට පත් වීමට ප්‍රථම ඉන්දියාවේ එළිමහනේ මළ පහ කළ ජනගහනය මිලියන 550 ක් විය. නමුත් එය අද වන විට මිලියන 150 ක් දක්වා අඩුකර තිබේ.

චීනයේ වැසිකිළි විප්ලවය

ලෝකයේ අංක 2 ආර්ථිකය හිමි රට වන චීනය, මේ වන විට සිය වැසිකිළි පහසුකම් වැඩි දියුණු කරලීමේ මහා ප්‍රයත්නයක නිරත වී සිටියි. චීන ජනපති ෂී ජින්පින් මෙය නම් කර තිබෙන්නේ ‘වැසිකිළි විප්ලවය‘ යනුවෙනි. ෂී ජින් පින් මෙය ආරම්භ කළේ 2015 අප්‍රේල් මාසයේදී ය. චීනය මේ වන විට මිලියන ගණනක ජනතාවගේ වැසිකිළි පහසුකම් විසඳමින් ගෙන ඇති පියවර එහිදී බිල් ගේට්ස්ගේ ප්‍රශංසාවට ලක් විය. විශේෂයෙන්ම ග්‍රාමීය සහ සංචාරක ප්‍රදේශවල වැසිකිළි පහසුකම් වැඩි දියුණු කර ගැනීම සඳහා ගෙන ඇති පියවර ඔහුගේ ප්‍රශංසාවට ලක් විය. චීන ජනපති මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම රජයෙන් යුවාන් බිලියනයක්ද, පළාත් ආණ්ඩුවලින් යුවාන් බිලියන 20 ක් ද වෙන් කර තිබේ.

Environmental friendly public toilets are built in Anlong, south-west China's Guizhou province. China is in the midst of a drive to improve its notoriously malodorous bathrooms

Environmental friendly public toilets are built in Anlong, south-west China’s Guizhou province. China is in the midst of a drive to improve its notoriously malodorous bathrooms

එහි ප්‍රතිඵලයක් ලෙස 2017 ඔක්තෝබර් වන විට පොදු නාන කාමර 68,000 ක් රට පුරා නැවත ඉදි කෙරිණි. ෂිංහුවා පුවත් සේවයේ සංඛ්‍යාලේඛනවලට අනුව අපේක්ෂිත ප්‍රමාණයට ද වඩා 19%ක් සංචාරක නිකේතන ආශ්‍රිතව වැසිකිළි පහසුකම් වැඩි දියුණු කෙරිණි. බීජිං, හොකයියු සහ තායියුවාන් වැනි විශාල නගරවල පොදු වැසිකිළි අතිශය ආකර්ෂණීය අන්දමින් නිමැවිණි. ඒවා අසල ATM යන්ත්‍ර පවා සවි කර තිබේ. වයි ෆයි පහසුකම් ද, මොබයිල් ෆෝන් සහ ඉලෙක්ට්‍රික් මෝටර් රථ චාජ් කිරීමේ පහසුකම් ද ස්ථාපනය කෙරුණු බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කරයි. මේ අතර විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන්, වයස්ගත අය වෙනුවෙන් සහ අතදරුවන් රැගෙන එන වැඩිහිටියන් වෙනුවෙන් ද විශේෂිත වැසිකිළි පහසුකම් ස්ථාපිත කිරීම මෙයට සමගාමීව සිදු වී තිබේ.

A public toilet was renovated in south-west China's Chongqing in 2017

A public toilet was renovated in south-west China’s Chongqing in 2017

A villager sits in front of a tousy pay toilet in a wheat field in Henan province

A villager sits in front of a tousy pay toilet in a wheat field in Henan province

A public toilet in southwest China's Chongqing. The 'toilet revolution' was backed by more than 1 billion yuan (£110 million) in central government funding

A public toilet in southwest China’s Chongqing. The ‘toilet revolution’ was backed by more than 1 billion yuan (£110 million) in central government funding

වසර 2018-2020 අතර කාලය වන විට තවත් පොදු වැසිකිළි 64,000 ක් වැඩිදියුණු කිරීමට චීනය අපේක්ෂා කරයි. මෙම සැලසුම ක්‍රියාවට නංවන්නේ චීනයේ ජාතික සංචාරක අධිකාරිය විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි