×

වේදනාවේ තීව්‍රතාව මැද ජීවිතයේ අවිනිෂ්චිත බව කියාදී, සුපිරි නළු ඉර්ෆාන් ඛාන් සමුගනී

.


සුපිරි ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් මිය ගිය බව අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කරන ලදී. වයස අවුරුදු 53දී සිය ජීවිතයට ආයුබෝවන් කී ඔහු මිය ගියේ 2018 වසරේ සිට ඔහුව පීඩාවට පත් කළ පිළිකාවක් හේතුවෙනි. 2018 වසරේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ ඔහු පවසා සිටියේ තමන් පිළිකාවක් වැළදීම හේතුවෙන් ප්‍රතිකාර සදහා යොමුව ඇති බවයි. කාලයක් තිස්සේ ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු සිය රෝගී තත්ත්වය පිළිබදව සිය ප්‍රේක්ෂකයන් වෙත ලිපියක් ලියමින් පවසා සිටියේ පිළිකාවක් යනු ඔහුගේ වේදනාවේ “තීව්‍රතාවය” සහ ජීවිතයේ “අවිනිශ්චිතතාව” පිළිබිඹු කරන්නක් බවයි.

ඔහු මිය ගිය බව සනාථ කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරියා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔහු ගේ ආදරය, ඔහු වඩාත් සැළකිල්ලක් දැක්වූ ඔහුගේ පවුලේ සාමාජිකයින් මැද ඔහු අවසන් ගමන් ගියේය. ඔහු සිය උරුමය තමා විසින්ම අත්හරිමින් ස්වර්ගය වෙත නික්මිණ… යනුවෙනි.

පැවති රෝගී තත්ත්වයත් සමග උදරයේ ඇති වූ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි හී රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.

ස්ලම්ඩෝග් මිලියනයර්, ලයිෆ් ඔෆ් පයි, ලන්ච් බොක්ස් ආදී චිත්‍රපට ඉන්දියානු චිත්‍ර පට යන සීමාවෙන් ගිලිහී ජාත්‍යන්තරය තුළ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගනු ලැබීමට ඔහුගේ දක්ෂතාවද ප්‍රධාන හේතුවක් වන්නට ඇත.

THE LUNCHBOX Movie Trailer [HD 1080p] - YouTube

“ඇදහිය නොහැකි දක්ෂතාවයක් හිමි… කරුණාවන්ත සගයකු … සිනමා ලෝකයට විශාල දායකත්වයක් දැක්වුවෙක් … ඉතා ඉක්මණින් අප හැර ගියේය ඔහුගේ හැර යෑම … විශාල රික්තයක් නිර්මාණය කරයි,” පිකු හි ඔහු සමඟ රගපෑ සුපිරි තරු නළු අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිණුමේ ඔහුගේ සමුගැන්ම පිළිබද සටහන් කර තිබුණේ එලෙසිනි.

Rana from 'Piku'

සීමා සහිත නිර්මාණයන් ප්‍රමාණයකට සිය රංගනය සූක්ෂම සහ නිහඩ ලෙස මුසු කළද ඔහු අතිෂය ජනප්‍රිය මෙන්ම සම්භාව්‍ය ගනයේ දක්ෂයෙකු වූ අතර 2013 වසරේදී පාන් සිං ටමෝර් නැමති චිත්‍රපටයේ දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානයට ඔහු පාත්‍ර විය. මෑත කාලීනව ඔහු රගපෑ
ලන්ච් බොක්ස්, පිකු සහ හින්දි මීඩියම් ඇතුළු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අතිෂය ජනප්‍රියවූ අතර . ඔහුගේ නවතම ඇන්ග්‍රෙසි මීඩියම් චිත්‍රපටය පසු ගිය මස තිර ගත වීම ඇරඹීය.

ඉර්ෆාන් …ඔබට සුබ ගමන්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි