×

යන්නේ පයින් නම් නොමිලේ බීර, අයිස්ක්‍රීම් සහ සිනමා ටිකට්!

ඉතාලියේ බොලොන්යා නගරය (Bologna) ඇප් එකක් හරහා සියලුම නගරවැසියන්ට පාගමන්, පාපැදි හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතය වෙනුවෙන් බීර, අයිස්ක්‍රීම් සහ සිනමා ටිකට් වලින් සංග්‍රහ කරමින් සිටියි.


හරිත සංචාරයන් ප්‍රවර්ධනය කරන මෙම වැඩසටහන හැඳින්වෙන්නේ ‘‘Travelling Green‘‘ යනුවෙනි. Bologna travelling green

මෝටර් රථ පසෙක තබා, පරිසර දූෂණයට තිත තබන ආකල්පමය වෙනසක් සඳහා මෙම වැඩසටහන නිර්මාණය කෙරී ඇත. 2017 වසරේ මුල් වරට ක්‍රියාවට නැංවුණු මෙය, නාගරික සැලසුම් ශිල්පී මාකෝ අමදෝරිගේ අදහසකි.

ඔහුගේ මෙම අදහසට අනුව මොබයිල් ඇප් එකක් නිර්මාණය කෙරුණේය. එහි නම Better Points වේ. එම ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් පසු නගරය පුරා යාමට ඔබ තෝරාගන්නා ඔප්ෂන් එක වශයෙන් පාපැදිය, පොදු ප්‍රවාහන සේවය හෝ පාගමන සිලෙක්ට් කළ හැකිය. ඉන්පසු ‘හරිත ගමන‘ (ග්‍රීන් ජර්නි) ආරම්භ වන අතර, ඔබ සැබවින්ම එම තෝරාගත් ක්‍රමයට යන්නේදැයි ජීපීඑස් ක්‍රමය මගින් අධීක්ෂණය කරනු ලබයි.

එම එක ගමනකදී ඔබ කොපමණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම නතර කර ගත්තා ද යන්න ද එමගින් මනිනු ලබයි.

Convivium

Convivium

එසේම ඇප් එක මගින් මනිනු ලබන අතර ලකුණු (රිවෝඩ්ස්) ලබාදීම ද සිදු වේ. ගමන අවසානයේ එම රිවෝඩ්ස් රිඩීම් කරමින් ඔබට ලැබෙන තෑග්ග භුක්ති විඳිය හැකිය. ගමන් කිහිපයකට ලැබෙන ලකුණු ප්‍රමාණය එකවර රිඩීම් කර ගැනීමට ද හැකිය. කෙසේ නමුත් දවසකට යා හැක්කේ ගමන් 4 ක් පමණි.

නමුත් කිලෝමීටරයක දුරක් වුවත් පයින්, පාපැදියෙන් හෝ පොදු ප්‍රවාහන සේවයෙන් යන අයට ද යම් ඇගයීමක් ලබාදෙන්නට නගර බලධාරීහු අමතක නොකරති.

එ් සඳහා නගරයේ ව්‍යාපාරික ස්ථාන 100කට වඩා එකඟ වී සිටියි.

මෙම වැඩසටහන හඳුන්වන්නේ ‘බෙලා මොසා‘ හෙවත් ‘ගුඩ් ජොබ්‘ යනුවෙනි. මෙය වසරේ මාස 6 ක් පමණක් ක්‍රියාත්මක ය. මේ සඳහා යුරෝපා සංගමය සහ බොලොන්යා නගර සභාව අනුග්‍රහය දක්වයි.

වැඩිම ලකුණු ගණනක් ලබා, වැඩිම තෑගි ගණනක් ලබන්නට, පරිසරයට ආදරය කරන පදිකයන් මේ වන විට සැදී පැහැදී සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි