×

කොරෝනා වැළදී සුවය ලත් අගමැති බොරිස්ට පුතෙක්

බ්‍රිතාන්‍යයේ අගමැති නිළ නිවස වෙත ප්‍රථමයෙන්ම ගිය අවිවාහක යුවල මොවුන් දෙදෙනා වෙයි.


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ සහකාරිය වන කැරී සිමන්ඩ් දෙදෙනා විසින් තමන් හට පුත් කුමරෙකු උපත ලද බව නිවේදනය  කළහ.

අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු නිවේදනය කර සිටින්නේ බිළිදාගේ මව සහ බිළිදා යන දෙදෙනාම ඉතා සුවයෙන් සිටින බවයි.

පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කර සිටි අගමැති බොරිස් ජොන්සන් සුව වී රෝහලෙන් පිට වී මුලින්ම ගොස් ඇත්තේ ලන්ඩනයේ රෝහලක සිය සහකාරිය බැහැ දැකීමටය.

55 හැවිරිදි බොරිස් ජොන්සන් සහ 32 හැවිරිදි සිමන්ඩ්ස්, “ගිම්හානයේ මුල් භාගයේදී” දරුවෙකු අපේක්ෂා කරන බවත්, ඔවුන් පසුගිය වසර අවසානයේදී විවාහ ගිවිසගෙන ඇති බවත් මින් පෙර නිවේදනය කරන ලදී.

බ්‍රිතාන්‍යයේ අගමැති නිළ නිවස වෙත ප්‍රථමයෙන්ම ගිය අවිවාහක යුවල මොවුන් දෙදෙනා වෙයි.
කොරෝනා වෛරසය සමඟ ඇති වූ රෝගී තත්ත්වය හා සටන් කිරීමෙන් පසු පසුගිය සදුදා බොරිස් ජොන්සන් නැවත සේවයට පැමිණියේය. ඔශුගේ සහකාරියාද කොරෝනා ආසාදිතයෙකු ලෙස මූලික ලක්ෂණ පෙන්නුම් කළාය.

අලුත උපන් බිළිදා කැරී සිමන්ඩ්ස්ගේ පළමු දරුවා වන අතර බොරිස් ජොන්සන් අගමැතිවරයා මීට පෙර දරුවන් පස්දෙනෙකුගේ පියෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි