×

නොවැම්බර් 5 දා සිට එංගලන්තය මාසයකට ලොක්ඩවුන්

එංගලන්තය නොවැම්බර් 5 වැනිදා පටන් නැවතත් මාසයක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නියම කළේය.


ඒ, එක්සත් රාජධානිය ඊයේ දිනයේ කෝවිඩ්-19 ආසාදනයන් මිලියනය ඉක්මවා යාමත් සමග, මෙම වෛරසය නොසිතූ තරම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් යන බවට විද්‍යාඥයන් විසින් අනතුරු ඇඟවීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

එක් දිනක් ඇතුළත එංගලන්තයේ කෝවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 21,915 සිට1,011,660 එකවරම ඉහළ යාම සිදුව තිබේ.

මේ අනුව සියලු එංගලන්ත වැසියන් stay at home හෙවත් ‘ගෙදර ඉන්න‘ විධානයට දෙසැම්බර් 2 වැනිදා දක්වා නතු විය යුතුය.

එසේ නොකළහොත් දිනකට එංගලන්ත වැසියන් දහස් ගණනින් මිය යනු ඇතැයි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවසීය.

ඉදිරියේදී මෙතෙක් බලපැවැත්වූ ටියර් ක්‍රමය හෙවත් tiered system නැවත ඇති කර රටේ විවිධ ප්‍රදේශ සඳහා එය ක්‍රියාවේ යෙදවීමට හැකිදැයි සොයා බැලෙනු ඇත.

නිවසින් පිටතට යාමට අවසර තිබෙන්නේ අධ්‍යාපනය, රැකියාව (නිවසේ සිට යෙදිය නොහැකි රැකියා), ව්‍යාායම, වෛද්‍යමය හේතු, අත්‍යාවශ්‍ය මිලදී ගැනීම් හෝ වෙනත් අයෙකුට රෝගය සඳහා සහන සැලසීම යන හේතු සඳහා පමණි.

ඒ අනුව පාසල්, සරසවි යනාදි ද විවෘතව තැබෙනු ඇත.

කෙසේ නමුත් මහා බ්‍රිතාන්‍යයෙන් මේ නව තත්වය අදාළ වන්නේ එංගලන්තයට පමණි.

මහා බ්‍රිතාන්‍යයේ සෙසු කොටස් වන ස්කොට්ලන්තය සහ අයර්ලන්තය, කෝවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වෙනම ජාතික ප්‍රතිපත්ති අනුගමනය කරයි.

ලොව පුරාම තත්වය දරුණු අතට

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ ලොව පුරා කෝවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව කාලයත් සමග වේගවත් ව ඇති ආකාරයයි. මේ ප්‍රස්ථාරය අනුව මෑතකදී රෝග ව්‍යාප්තියේ වැඩිම වේගය (ත්වරණය) දැකගත හැකි වන්නේ එක්සත් රාජධානිය හෙවත් එංගලන්තයේ ය.

Data sources: Johns Hopkins Coronavirus Resource Center, Our World in Data, The COVID Tracking Project, ABC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි