×

ලෝකයේ මිලෙන් අධිකම විෂ්කි බෝතලය ඩොලර් මිලියන 1.1 ක්!

ලෝකයේ මිලෙන් අධිකතම විෂ්කි බෝතලය, ඩොලර් මිලියන 1.1කට වෙන්දේසි විය.


සිංගල් මෝල්ට් ස්කොච් (single-malt Scotch) බෝතලයක් වූ මෙය, එතරම් විශාල මිලකට වෙන්දේසි වුණේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදී ය.

එය ආසියාවෙන් ඉදිරිපත් වූ ගැණුම්කරුවෙකු විසින් දුරකථනය හරහා ලංසු තැබීම මගින් හිමි කර ගත් බව වාර්තා වේ.

1986 වසරේ බෝතල් කිරීමට පෙර එය වසර 60 ක් ගුදම්ගතව (වැට්) තිබූ බව සඳහන් ය. මේ නිසා විශාරදයන් මෙය හඳුන්වන්නේ විෂ්කිවල “Holy Grail”ලෙස ය. එයට හේතු වී තිබෙන්නේ එහි ගුණාත්මය, එම බෝතලයේ කලාත්මක බව සහ පැරණි බවයි.

මේ වර්ගයේ විෂ්කි බෝතල් ලෝකයටම තිබුණේ 24 ක් පමණක් බවත්, එයින් කීයක් මේ වන විට ඉතිරිව තිබෙන්නේ ද යන්න තමන් නොදන්නා බවත් එහිදී මෙම විෂ්කි බෝතලයේ පෙර හිමිකරු කියා සිටියේය.

අදාමි නමැති ලෝ ප්‍රකට කලාකරුවා විසින් නිර්මාණය කළ විෂ්කි බෝතල් ලේබලය, මෙහි ඇති විශේෂිතම ලක්ෂණයයි. එය දුර්ලභ නිර්මාණයක් ලෙස සැලකෙන අතර එම ලේබලය සහිත මේ වර්ගයේ විෂ්කි බෝතල්, ලෝකයටම තිබෙන්නේ 12 ක් පමණක් බව ද කියැවේ.

එයින් එකක් 2011 ජපන් භූමි කම්පාව අතරතුර විනාශ වී ගිය බවත්, තවත් විෂ්කි බෝතලයක් විවෘත කර පානය කර ඇති බවත් සඳහන් වේ.

විෂ්කි රස බැලීම සහ විෂ්කි බෝතල් එකතුවක් සාදා ගැනීම, මත්පැන් රසිකයන් අතර වෙනස් මාතෘකා දෙකකි. දුර්ලභ ගණයේ මත්පැන් බෝතල් එකතුවක සාඩම්බර හිමිකරුවෙකු වීම බොහෝ ධනවතුන්ගේ ආශාවකි. මේ අතර, මේ වර්ගයේ සිංගල් මෝල්ට් විෂ්කි බෝතලයක් තමන්ගේ එකතුවේ තිබෙනු දැකීම, බොහෝ ධනවතුන්ගේ සිහිනයක් ද වන බව කිව යුතුය.

මෙයට පෙර ලෝකයේ මිලෙන් අධිකතම විෂ්කි බෝතලය බවට පත්ව තිබුණේ ඩොලර් මිලියනයකට හොංකොං හිදී අලෙවි වූ විෂ්කි බෝතලයකි. එය ද සිංගල් මෝල්ට් වර්ගයේම විෂ්කි බෝතලයක් වීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි