×

ඇමසන් වනය කපන්නට සැරසෙන ‘බ්‍රසීලයේ ට්‍රම්ප්‘

‘බ්‍රසීලයේ ට්‍රම්ප්‘ යනුවෙන් හැඳින්වෙන නව ජනාධිපති බොල්සොනාරෝ ඇමසන් වැසි වනාන්තරය උවදුරේ හෙළමින් තීරණ රැසක් ගන්නට සැරසෙයි.


නොබෝදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලත් ජයර් බොල්සොනාරෝ අන්ත දක්ශිණාංශික, බොහෝ සෙයින් ඇමරිකාවේ ට්‍රම්ප්ට සමාන ජනාධිපතිවරයෙකි. Brazil: Bolsonaro plans threaten Amazon, say experts

බොල්සොනාරෝගේ කාර්ය මණ්ඩල ප්‍රධානී පවසා තිබෙන්නේ කෘෂිකාර්මික සහ පරිසරයන අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කරමින් ‘සුපර් මිනිස්ට්‍රි‘ හෙවත් ‘සුපිරි අමාත්‍යාංශයක්‘ ස්ථාපනය කරන්නට සැරසෙන බවයි.

මෙය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ද වේ.

බොල්සෙනාරෝ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (30) සිය ආර්ථික උපදේශකවරයෙකු සමග රහස් සාකච්ඡාවක නිරත වෙමිනි. ඒ අනුව මුදල්, සැලසුම්, කාර්මික සහ වාණිජ යන කර්මාන්ත ද සුපිරි අමාත්‍යාංශය යටතට ගැනීමට තීරණය වී තිබේ.

cartapiaui.com.br

cartapiaui.com.br

මෙයින් අදහස් කරන්නේ ජෛව පාරිසරික සම්පත්, කෘෂිකාර්මික කටයුතු සඳහා බිලිදීමට පිඹුරුපත් සැකසීම විය හැකි බවට විශේෂඥයෝ සහ පරිසරවේදීහු දැඩි සේ සැක පළ කරති.

බ්‍රසීලයේ හිටපු පරිසර ඇමතිනී මරීනා සිල්වා මෙම තීරණය පිළිබඳ ට්විටර් සටහනක් එක් කරමින් පවසන්නේ එය “tragic” හෙවත් ශෝඛාන්තයක් වනු ඇති බවත්, එම විනාශකාරී තීරණය මගින්, ‘බ්‍රසීලයේ කෘෂි ව්‍යාපාර සාර්ථකවීමට නම් වනාන්තර විනාශ කළ යුතු බවට‘ අදහසක් ජාත්‍යන්තරට ලබාදෙන බවත් ප්‍රකාශ කරයි.

| අැමසන් වැසි වනය සහ එහි මැදින් ගලා බසින ඇමසන් නදිය, බ්‍රසීලයේදී දිස්වන්නේ මෙසේ ය. Beautiful World Travel Guide

| අැමසන් වැසි වනය සහ එහි මැදින් ගලා බසින ඇමසන් නදිය, බ්‍රසීලයේදී දිස්වන්නේ මෙසේ ය. Beautiful World Travel Guide

ලෝකයේ ලොකුම නිවර්තන කලාපීය වැසි වනාන්තරය පිහිටා තිබෙන්නේ ඇමසන් කලාපයේ ය. ඇමසන් කලාපයෙන් වර්ග කිලෝමීටර මිලියන ගණනක්, එනම් වැඩිම ප්‍රමාණයක් අයත් වන්නේ බ්‍රසීලයට ය. එනම්, ඇමසන් වැසි වනය පැතිරී ඇති රටවල් අතරින් වැඩිම වනාන්තර ප්‍රදේශයක් අයත් වන්නේ බ්‍රසීලයට වේ. එසේම එය තවමත් සොයානොගත් ශාක සහ සත්ව විශේෂයන්ගෙන් ද පිරී පවතියි.

ඇමසන් වනයයෙන් වැඩි කොටස අයත් වන්නේ බ්‍රසීලයට ය.| Petition Site

ඇමසන් වනයයෙන් වැඩි කොටස අයත් වන්නේ බ්‍රසීලයට ය.| Petition Site

නමුත් මේ වන විටත් බ්‍රසීලය තුළ ඇමසන් වැසි වනාන්තය දැඩි සේ වැනසී යමින් තිබෙන අතර, ඇතැම් පළාතකදී එම පළාතට අයත් ඇමසන් වැසි වනයෙන් 80%ක් දක්වා කපා විනාශ කර තිබේ.

බ්‍රසීලය තුළ, පරිසරයද? ආර්ථික සංවර්ධනයද? යනුවෙන් මේ වන විට විවාදයක් ආරම්භ වී තිබේ. තීරණ ගන්නන් විශ්වාස කරන්නේ ආර්ථික සංවර්ධනය සිදුවීමට නම් කැලෑ කැපිය යුතු බව ද පෙනෙන්නට තිබේ. 2018 වසර මුල භාගයේ බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය ද වන විනාශයට එරෙහි නීතිය ලිහිල් කරන තීරණ කිහිපයක් ලබා දුන්නේය.

ද ඉකොනොමිස්ට් සඟරාව ඇමසන් වනය හඳුන්වා දෙන්නේ ‘ලෝකයේ පෙණහැල්ල‘ යනුවෙනි. | The Economist

ද ඉකොනොමිස්ට් සඟරාව ඇමසන් වනය හඳුන්වා දෙන්නේ ‘ලෝකයේ පෙණහැල්ල‘ යනුවෙනි. | The Economist

බ්‍රසීලයේ නව නායක බොල්සෙනාරෝ කිසිසේත්ම පරිසරයට ආදරය කරන්නෙක් නොවන බව දැනටමත් ප්‍රකට කර තිබේ. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ඔහු පවසා තිබෙන්නේ 2015 පැරිස් සම්මුතියෙන් බ්‍රසීලය ඉවත් කර ගත යුතු බවයි. මෙම සම්මුතියට එකඟ වුවහොත් ඇමසන් වැසි වනාන්තරය සම්බන්ධයෙන් බ්‍රසීලයට පවතින පරමාධිපත්‍ය බලයට බාධා එල්ල වන බව හේතු දක්වමින් ඔහු කියා තිබේ.

බොල්සෙනාරෝ 63 හැවිරිදි ය. එනම්, පරිසර හානියෙන් සිදුවන දුර්විපාක අත්විඳීමට තරම් ඔහු වයස වැඩි ය. නිසැක වශයෙන්ම ඒවා අත් විඳිනු ඇත්තේ ඔහුගෙන් පසු පරම්පරාව බැවින්, ඔහු ඒ ගැන සිත් කලබල කර නොගන්නා වීමට ද පුළුවන!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි