×

බ්‍රසීල ජනපතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයෙකු ඉදිරියෙන් – ජනාධිපතිවරණය දෙවැනි වටයටත්

වාමාංශික ලූලා ඩි සිල්වාගේ ජනපති සිහිනය සුන් කළ 2018 ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබෙන අතර, එහි පළමු වටයේ ඉදිරියෙන් සිටිනුයේ දක්ෂිණාංශික ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) ය.


ඔහු වාමාංශික කම්කරු පක්ෂයේ අපේක්ෂක ෆර්නෑන්ඩෝ හඩ්ඩාඩ් සමග ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වෙන දෙවැනි වටයකදී ද තරග වැදීමට නියමිතව සිටියි.

එයට හේතුව මෙම අපේක්ෂකයන් දෙදෙනා අතරින් කිසිවෙකු පළමු වටයේදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් නොවීමයි.

එනම්, අන්ත දක්ෂිණාංශික බොල්සොනාරෝ 46% ක් ලබාගත් අතර, වාමාංශික ෆර්නෑන්ඩෝ ලබාගත්තේ 29% කි.

කෙසේ නමුත් දැනට පවතින තත්වය අනුව බොහෝ අය පවසන්නේ දෙවැනි වටයේදී බොල්සොනාරෝ නියත ජයක් ලබාගනු ඇති බවයි.

මෑත කාලයේදී බොල්සොනාරෝ නියෝජනය කරන ලිබරල් පක්ෂය (Social Liberal Party (PSL)) ව්‍යවස්ථාදායක මැතිවරණවලදී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත් ව තිබේ. බොහෝ අය මෙය හඳුන්වා දෙන්නේ බ්‍රසීල දේශපාලන ප්‍රවාහයේ සිදුවූ දැවැන්ත වෙනසක් ලෙස ය. වාමාංශික කම්කරු පක්ෂයේ දේශපාලනය විසින් රට තුළ ඇති කර තිබෙන දීර්ඝ කාලීන උද්ධමනය, ප්‍රචණ්ඩ ක්‍රියා අධික වීම සහ පුළුල් ලෙස පැතිර පවතින දූෂණය විසින් මෙම තත්වය ඇති කර තිබේ.

දකුණු ඇමරිකානු මහද්වීපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට වන බ්‍රසීලයේ සිදුවන්නට යන මෙම දේශපාලනික වෙනස පිළිබඳ මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි