×

BreachForums හී නිර්මාතෲ Pompompurin FBI අත්අඩංගුවට

Bleeping Computer වෙබ් අඩවිය සදහන් කරන්නේ 2021 දී සිදු වූ Robinhood breach එකට හා පසුගිය නොවැම්බර් මාසයේ සිදුවූ Twitter user handles සහ email ලිපින leak එකටද Pompompurin සම්බන්ධ බවයි.


Krebs on Security සහ Bleeping Computer වෙබ් අඩවි විසින් වාර්තා කළ පරිදි, BreachForums නම් online hacker forum හී නිර්මාතෲ ලෙස සැක කෙරෙන පුද්ගලයාව FBI විසින් පසුගිය මාර්තු 17 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

Conor Brian Fitzpatrick, “Pompompurin” නමින් පෙනී සිටි ඔහුව, බදාදා තම නිව් යෝර්ක් නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, අධිකරණ ගොනු කිරීම් යුගලයකට අනුව, ප්‍රවේශ උපාංග වංචා (access device fraud) සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

නඩුවට සම්බන්ධ FBI නියෝජිතයා පවසා සිටින්නේ Fitzpatrick අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, BreachForums හී හිමිකරු හා “Pompompurin” ලෙස පෙනී සිටියේ තමන් බව පිළිගත් බවයි. Pompompurin විසින් BreachForums නිර්මාණය කළේ FBI විසින් මීට සමානම forum එකක් වූ RaidForums තහනම් කිරීමත් සමගය.

මොහු නීති උල්ලංඝනය කිරීම් ගණනාවකට සම්බන්ධ වී ඇති අතර, ඒවායින් බොහොමයක් FBI ඉලක්ක කර සිදු කර ඇති ඒවාය. 2021 දී, Pompompurin FBI හි විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ව්‍යාජ සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීම් දහස් ගණනක් යැවීමට සම්බන්ධ සිදුවීමේ වගකීමද භාරගෙන ඇත. භෞතික හා ඩිජිටල් තර්ජන පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් FBI හි තොරතුරු බෙදාගැනීමේ වැඩසටහනක් වන Infragard හී දත්ත සොරකමකටද මොහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

තවදුරටත් Bleeping Computer වෙබ් අඩවිය සදහන් කරන්නේ 2021 දී සිදු වූ Robinhood breach එකට හා පසුගිය නොවැම්බර් මාසයේ සිදුවූ Twitter user handles සහ email ලිපින leak එකටද Pompompurin සම්බන්ධ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි