×

BREAKING: තුර්කි සිරියා භූකම්පාවලින් මිය ගිය පිරිස 36,000 ඉක්මවයි!

තුර්කියේ සහ සිරියාවේ හටගත් මාරක භූකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 36,000 ඉක්මවා ගිහින්..


ලෝකය (Outbound Today): රිෂ්ටර් මාපකයේ 7.8 ලෙස සටහන් වෙමින් තුර්කියේ සහ සිරියාවේ හටගත් මාරක භූකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 36,000 ඉක්මවා ඇති බවට විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

එමෙන්ම මෙම භූකම්පාව හේතුවෙන් දස දහස් ගණනින් පුද්ගලයන්ට තුවාල සිදුව තිබේ.

මේ වන විට භූකම්පාව හේතුවෙන් ගොඩනැඟී ඇති මහජන කෝපය සමඟ ගොඩනැඟිලි කඩා වැටීම් සම්බන්ධයෙන් දොස් පැවරී තිබෙන්නේ දේපළ සංවර්ධක ආයතනවලට වන අතර, තුර්කි බලධාරීන් විසින් දේපළ සංවර්ධකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

වින්දිතයන් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන අතර, භූකම්පා හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් දෙගුණ වීමේ අවදානමක් තිබෙන බවයි නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

ඡායාරූප: Hussein Malla/AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි