තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී අතුරුදහන් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී මරා දමන්නට ඇතැයි කියා තුර්කි බලධාරීහු පවසති. තුර්කි බලධාරින් එරට සෞදි කොන්සල් කාර්යාලයේ කැමරාවල අඩංගු දර්ශන පවා අවධානයට ගෙන පරීක්ෂණ පවත්වා ඇත. එම පරීක්ෂණ අවසානයේදී මූලික වශයෙන් තහවුරු වන්නේ ජමාල් ඝාතනය කර දමන්නට ඇති බව යැයි එම නිළධාරීහු බී.බී.සී.යට කියා තිබිණ. ඔහු මරා දමන්නට ඇත්තේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී බව සඳහන් වේ. අනතුරු ඔහුගේ දේහය එම කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරන්නට ඇතැයි කියා සැක කෙරේ.
කොන්සල් කාර්යාලයේ කැමරාවල අඩංගු දර්ශනවලට අනුව කාර්යාලයට පිවිසෙන ඔහු ඇවිදගෙන නැවත ඉන් බැහැරට එන්නේ නැත. එහෙත් රාජතාන්ත්‍රික වාහන රාශියක් කාර්යාල භූමියට ඇතුළුවන අන්දම සහ ඉන් නික්ම යන අන්දම එම දර්ශනවල සටහන්ව තිබී ඇත. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පහළොවකින් යුත් කණ්ඩායමක් ප්‍රවේශ වී තිබෙන බවත් තුර්කි බලධාරීන් අනාවරණය කරගෙන තිබේ. ඒ පිරිස එදිනම තුර්කියෙන් පිටත්ව සෞදියේ රියාද් නුවර බලා ගොස් ඇත.
ජමාල් ඛෂෝගී තුර්කියේ සෞදි කොන්සල් කර්යාලය අභ්‍යන්තරයට පසුගිය අඟහරුවාදා පිවිසියේ සිය පෙම්වතිය එම කාර්යාලය ආසන්නයේ රඳවා තබමිනි. ජමාල් එන තුරු පැය 11කට අධික කාලයක් ඔහුගේ පෙම්වතිය හටිසේ සෙන්ගිස්, කොන්සල් කාර්යාලය අසල රැඳී සිට ඇත. ඔහුගේ නොපැමිණීම ගැන සඳහන් කරමින් ඈ පසුව පැමිණිලි කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් හටිසේ පවසන්නේ ජමාල් ඝාතනය කර දැමූ බව තමන් විශ්වාස නොකරන බවකි.
පෙර ලිපිය
සෞදි මාධ්‍ය වේදියෙක් තානාපති කාර්යාලයේදී අතුරුදහන්