×

ලිබියාවේ සටන් විරාමයක්

ලිබියාවේ සටන් විරාමයක් නැවත ප්‍රකාශයට පත් කර තිබේ. එ් සඳහා ආධාර කරන්නේ ජගත් සංවිධානයයි.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර පසුගිය සති කිහිපය පුරා සටන් වැද සිටින සන්නද්ධ කල්ලි සටන් විරාමයක් සඳහා එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

බීබීසී වාර්තාවකට අනුව ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ 48 දෙනෙක් මිය ගොස් පවුල් 1800 ක් පමණ අවතැන් විය. නමුත් මෙම සංඛ්‍යාව 61 ක් බව ලිබියානු ආණ්ඩුව මේ අතර පවසයි.

පසුගිය සතියේ ද සටන් විරාමයක් ප්‍රකාශයට පත්වූ නමුත් එය බල පැවැත්වුණේ පැය කිහිපයක කාලයක් පමණි.

මේ වන විට ට්‍රිපොලි නගරයේ බලයේ සිටින්නේ ජගත් සංවිධානයේ සහාය ලබන ආණ්ඩුවක (U.N.-backed government) කි. නමුත් අගනුවර බොහෝ කොටස් සන්නද්ධ කල්ලි විසින් අල්ලාගෙන තිබේ. පසුගිය අඟහරුවාදා ට්‍රිපොලි නුවර පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයට ද ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

නව සටන් විරාමයක් සමග ට්‍රිපොලි නුවර ක්‍රියාකාරී තත්වයේ තිබෙන එකම ගුවන් තොටුපොළ වන මිටිගා ද නැවත විවෘත කරනු ඇතැයි පැවසේ. ගැටුම් හේතුවෙන් එය අගෝස්තු 31 සිට වසා දමා තිබිණි.

2011 ඔක්තෝබරයේ කර්නල් මුවමර් ගඩාෆි මරා දැමීමෙන් පසුව ලිබියාවේ පවතින්නේ අස්ථාවර ආණ්ඩුවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි