×

ඇමරිකාව සති හයකින් දරුවන් 2000ක් දෙමවුපියන්ගෙන් වෙන්කරයි.

නව සංක්‍රමණික නීති මෙයට හේතුවයි.


ඇමරිකාව විසින් සංක්‍රමණික දරුවන් 2000ක් සිය පවුල් වලින් වෙන් කර ඇති බවට අනාවරණය වේ. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය මෙම වසරේ මුල භාගයේදී හඳුන්වා දුන් නීති (migration law) මීට හේතු වී ඇත.

ඩොනල්ට්‍රම්ප් ජනපති වීමෙන් පසු ඇමරිකාව සහ මෙක්සිකානු දේශ සීමා සම්බන්ධව නීති රීති දැඩි විය . ඒත් සමඟ මෙක්සිකෝවේ සිට ඇමරිකාව වෙත සංක්‍රමණය වෙන්නන් රඳවා ගැනීම සඳහා දැඩු නීති පනවා ඇත. මෙම තත්ත්වය ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තුළ කැළඹීමකට හේතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලකයන්ගේ මතයයි.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ දත්තයන්ට අනුව ළමුන් 1995 ක් දෙමවුපියන් 1940කගෙන් වෙන් කර ඇත. ඒ පසු ගිය අප්‍රේල් 19 සිට මැයි 31 දක්වා කාලය අතර තුරයි.
දෙමවුපියන් වෙනම රඳවා ගනිමින් සිටින අතර අදාළ දරුවන් අමරිකානු සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තුමේන්තුවේ රඳවා ඇත .

මේ සම්බන්ධව එක්සත් ජාතීණ්ගේ සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට දන්වා ඇත්තේ ඉතා ඉක්මණින් මෙම තත්ත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි