හිටපු අගමැති රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධව වරද කරුවන් හත් දෙනා නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම ඉල්ලීම සිදු කරන ලද්දේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසිනි.
1991 මැයි 21 වන දින සිදු කරන ලද අගමැති ඝාතනය සම්බන්ධව ජනපතිවරයා තමිල්නාඩු ප්‍රන්ත රජය වෙත දන්වා ඇත්තේ එසේ එම වැරදිකරුවන් නිදහස් කළ යුතුයැයි මධ්‍යම ආණ්ඩුව කෙසේත් පිළිනොගන්නා බවයි.
පසුගිය වසර තුළ මෙම වරද කරුවන් නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය විසින් එරට ස්වදේශ කටයුතු ඇමතිවරයා වෙත දෙවරක් ඉල්ලීම් කරන ලදී ඒ මානුෂීය පදනම මත ඔවුන් නිදහස් කරන ලෙසයි. නමුත් එම සියලු ඉල්ලීම ඉවත ලන ලදී.
මේ සම්බන්ධව කරුණු අනාවරණය කරන ද හින්දු පුවත්පත ප්‍රකාශ කරන්නේ හිටපු අගමැති රජිවු ගාන්ධි ඝාතනය සම්බන්ධව ඉන්දියාව කිසිදු ලෙකින් සුළු කොට නොසැළකිය යුතු බවට ජනපතිවරයා විසින් සවදේශ කටයුතු ඇමතිවරයා දැනුවත් කළ බවයි.