×

බ්‍රිතාන්‍ය ගුවන් සේවාව හැක්කරලා! 380,000 දෙනෙකුගේ බැංකු විස්තර ඇතුළු දත්ත සොරකම් කරලා!

ඔබත් 2018 අගෝස්තු 21 දා සිට සැප්තැම්බර් 5 දක්වා බ්‍රිතාන්‍ය ගුවන් සේවාව භාවිතා කළ අයෙක්ද?


බ්‍රිටිෂ් එයා වේස් (British Airways) හෙවත් බ්‍රිතාන්‍ය ගුවන් සේවාව භාවිතා කළ පාරිභෝගිකයන් 380,000 දෙනෙකුගේ දත්ත සොරකම් කර ඇති බව සනාථ වේ.

මේ අනුව ඔවුන්ගේ බැංකු ගිණුම්විස්තර, පුද්ගලික තොරතුරු ආදිය පවා දත්ත සොරකමට ලක්ව ඇත. මේ තත්වයට මුහුණ දී තිබෙන්නේ 2018 අගෝස්තු 21 දා සිට සැප්තැම්බර් 5 දක්වා බ්‍රිතාන්‍ය ගුවන් සේවාව පාවිච්චි කළ, වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා ගුවන් ගමන් ටිකට්පත් වෙන් කරගත් ගුවන් මගීන් ය.

එහිදී ගෙවීම් සිදුකිරීමට භාවිතා කළ කාඩ්පත්වල සියලු විස්තර ද සොරකම් කර තිබේ.

ඒ අනුව කිසියම් පාරිභෝගිකයෙකුගේ බැංකු කාඩ්පත් කිසියම් අවභාවිතයක් සඳහා පාවිච්චි කර තිබේ නම් වහාම සිය බැංකු අමතන ලෙසට ද බ්‍රිටිෂ් එයා වේස් මෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙමගින් සිදුවූ යම් මූල්‍ය හානියක් වෙත්නම් තමන් ඒ සඳහා වන්දි ගෙවීමක් සිදුකිරීමට සූදානම් බව ද ගුවන් සේවය ප්‍රකාශ කර තිබේ.

පුරා සති 2 ක් පමණ පැවති මෙම හැක් කිරීමේදී ගමන් විස්තර හෝ ගුවන් ගමන් බලපත්‍ර විස්තර සොරකම් කර නැති බව ද එම ගුවන් සේවාව පවසයි. පාරිභෝගික දත්ත සොරකම් කිරීම පිළිබඳ මේ වනවිට බලධාරීන් විසින් හදිසි විමර්ශනයක් ආරම්භ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි