×

ගීතයක් අතර සැඟව ගොස් තිබූ Britney ගේ දුක් අඳෝනාව!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෑම ආදර කතාවකම සතුටුදායක අවසානයක් දකින්නට ලැබෙන්නේ නැත. දරාගැනීම්, විවිධ තාඩන පීඩන මෙන්ම එන ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ හැකියාවක් පිරිමි පාර්ශවයට හෝ වේවා ගැහැණු පාර්ශවයට හෝ වේවා තිබිය යුතුය. එවිට සාර්ථක බැඳීමක් සතුටුදායක අවසානයකින් කෙළවර කර ගත හැක. අද අපි කතා කරන්න යන්නේ ලොවක් හඬින් මුසපත් කළ හිටපු […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සෑම ආදර කතාවකම සතුටුදායක අවසානයක් දකින්නට ලැබෙන්නේ නැත. දරාගැනීම්, විවිධ තාඩන පීඩන මෙන්ම එන ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ හැකියාවක් පිරිමි පාර්ශවයට හෝ වේවා ගැහැණු පාර්ශවයට හෝ වේවා තිබිය යුතුය. එවිට සාර්ථක බැඳීමක් සතුටුදායක අවසානයකින් කෙළවර කර ගත හැක.

අද අපි කතා කරන්න යන්නේ ලොවක් හඬින් මුසපත් කළ හිටපු ආදරවන්තයෝ දෙන්නෙක්ගේ කතාවක් සහ එහි සැඟවී ගිය දුක්ඛාන්තයක් පිළිබඳවයි.

ඉතින් ඔබ අසා ඇති Britney Spears සහ Justin Timberlake ගේ ආදර අන්දරය…

Justin Timberlake කියන්නේ 1981 ජනවාරි 31 දා උපත ලැබූ ඇමරිකානු ගායකයෙක්, ගීත රචකයෙක්, වාර්තා නිෂ්පාදකයෙක් සහ රංඟනශිල්පියෙකි. ඔහු ලොව වැඩියෙන්ම අලෙවි වන සංගීත කලාකරුවන්ගෙන් කෙනෙකි. ග්‍රැමී සම්මාන දහයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මාන හතරක්, බ්‍රිතාන්‍ය සම්මාන තුනක්, බිල්බෝඩ් සංගීත සම්මාන නවයක් ඇතුළුව ටිම්බර්ලේක් සම්මාන සහ ප්‍රශංසා රාශියක් ලබා ගත් දක්ෂයෙකි. Billboard ට අනුව, Mainstream Top 40 ඉතිහාසයේ හොඳම කාර්ය සාධනය කරන පිරිමි ඒකල වාදකයා ද ඔහු වේ.

Yahoo

ඒ වගේම Britney; Britney Jean Spears යනු ඇමරිකානු ගායිකාවකි. බොහෝ අවස්ථා වලදී ඇයව “පොප් කුමරිය” ලෙස හඳුන්වයි. Britney ලොව වැඩියෙන්ම අලෙවි වන සංගීත කලාකාරිනියක් බවට ද පත් විය. ඇය ග්‍රැමී සම්මානයක්, ගිනස් ලෝක වාර්තා 15ක්, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන හයක්, බිල්බෝඩ් සංගීත සම්මාන හතක් (මිලේනියම් සම්මානය ඇතුළුව) සම්මාන රාශියක් ලබා ගත් අයෙකි.

People

කරට කර දස්කම් ඔප්නංවමින් එකම වේදිකාවක් තුළින් තම ප්‍රේමවෘත්තාන්තයට පැමිණි ඔවුන් දෙදෙනා කලක් ආදරයෙන් ජීවත් වූ කලා පවුලකි.

ඔවුන් දෙදෙනාගේ ආදරය 2000 ගණන් වල නැඟලා ගිය ලව් ස්ටෝරියක් කීවොත් නිවැරදිය. 1992 දී ඔවුන් මුන ගැසී 1999 සිට 2002 දක්වා ඔවුන් ප්‍රේමයෙන් වෙළී සිට ඇත.

NBC

කෙසේවෙතත් Britney සහ NSYNC ගායක ජස්ටින් ටිම්බර්ලේක් ගේ ප්‍රේමය 2002 දී බිඳවැටුණි.

බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ මතක සටහන වන The Woman in Me හි ඇගේ හිටපු පෙම්වතා වන Justin Timberlake 2002 ඔහුගේ ඒකල මංගල ඇල්බමය Justified කරමින් සිටියදී ඇය සමඟ වෙන් වූ බව හෙළි විය.

මෙය බ්‍රිට්නි ජස්ටින් සමඟ ඇති සම්බන්ධය ගැන විස්තර කර ඇති බොහෝ උණුසුම් හෙළිදරව් වලින් එකකි.

බ්‍රිට්නි ජස්ටින් සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් සිටියදී ගබ්සාවක් සිදු කළ බවට මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය People සඟරාවට ද ප්‍රකාශ කර තිබිණි. එවිට ඇයට අවුරුදු 19කි.

“එය පුදුමයක්, නමුත් මට එය ඛේදවාචකයක් වුනේ නැහැ. මම ජස්ටින්ට බොහෝ සේ ආදරය කළා. මම හැම විටම බලාපොරොත්තු වුනේ අපි එක පවුලක් වෙලා එකට එකතු වෙයි කියලා.” නමුත් ගැබ් ගැනීම ගැන ජස්ටින් සතුටු වුණේ නැහැ. බ්‍රිට්නි තවදුරටත් පැවසීය.

The hollywood gossip

ඇය මෙම සියලු තතු හෙළිකිරීමට යොදාගත් අයිතමය පොතකි. එය ඔක්තෝබර් 24 වන දින කරළියට ඒමට ද නියමිතය.

මෙම පොත ජස්ටින් ට බියකරු සිහිනයක් වන්නේ එය මුළු පවුලම අවුල් ජාලයකට ඇද දමන බැවිනි.

ගබ්සාවෙන් පසු, ජස්ටින් නාන කාමරයේ බිම අඬමින් සිටි බ්‍රිට්නිව ඔහුගේ ගිටාරය වාදනය කරමින් සැනසීමට උත්සාහ කළ බවත් ජස්ටින් “සමහර විට ඇයට සංගීතය උපකාර වනු ඇතැයි සිතූ බවත්” බ්‍රිට්නි ඇගේ පොතේ ලියා ඇති බව සඳහන්.

පුංචි කෙටි පණිවිඩයකින් බ්‍රිට්නි-ජස්ටින් කතාව නිම වූ බව ද දැන් නොරහසකි.

“එයා මාත් එක්ක ගොඩක් රණ්ඩු වෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒ ඔහු මාව ඔහුගේ වාර්තාව සඳහා පතොරම් ලෙස භාවිතා කිරීමට තීරණය කළ නිසාත්, ඔහු වටා මා සිටීම ඔහුට අපහසු වූ නිසාත්” මේ තීරණය ඔහු ගන්න ඇතැයි ඇය පැවසීය.

වැඩි කල් යන්නට මත්තෙන්, ඩයෑන් සෝයර් සමඟ කුප්‍රකට සම්මුඛ සාකච්ඡාවක් ඇය පවත්වන අතර ඊට ඇගේ පියාගෙන් බලපෑම් ඇති විය. එහිදී Justin Timberlake “මෙතරම් වේදනාවක්” ඇති කිරීමට කළ දේ කුමක්දැයි’ පැහැදිලි කිරීමට ඇයගේ හඬ අවධි කළේය.

Britney පවසන පරිදි, 2008 දී ඇගේ පියා වන ජේමි, කැලිෆෝනියා ප්‍රාන්තය විසින් ඇයගේ මූල්‍ය හා පෞද්ගලික ජීවිතයේ සංරක්‍ෂක ලෙස පත් කිරීමෙන් පසු, ඔහු ඇයගේ වැඩ කාලසටහන, ආදර ජීවිතය, සමාජ ජීවිතය, මුදල්, ඖෂධ සහ ඇගේ ආහාර වේල පවා පාලනය කළේය. මේ සිඳුවීම් තුළින් ද ඇය ගත කළේ කොටුවුණු ජීවිකාවකි.

BBC

ජස්ටින් සමඟ වෙන්වීමෙන් පසු කාලපරිච්ඡේදය තුළ, Britney හුදෙකලා වූ අතර, ඇය “බරපතල සමාජ කනස්සල්ලක්” අත්විඳින බව ද ලිවීය. ඇය නිව් යෝර්ක් හි මාස කිහිපයක් තනිව මහල් නිවාසයක ජීවත් වූ බව ද පවසයි.

තමන් සහ ජස්ටින් තම දරුවාට පියෙකු වීමට සූදානම් නැති නිසා ගබ්සා කිරීමට තීරණය කළ බව ද පසක් කරමින් ඇය සටහන් කළ සිටියේ “අපේ සම්බන්ධය තුළ ජස්ටින් මට වංචා කළ බව මම දැනගත් අවස්ථා කිහිපයක් තිබුණා. විශේෂයෙන්ම මම ගොඩක් ආසාවෙන් හිටපු නිසාත්, ආදරයෙන් බැඳිලා හිටපු නිසාත්, මම ඇබෝෂන් එකට ඉඩ දුන්නා” ඇය පැවසීය.

“මේ සඳහා මිනිසුන් මට වෛර කරනවා කියලා මට විශ්වාසයි, නමුත් මම දරුවා නොලැබීමට එකඟ වුණා. ගබ්සාවක් මා වෙනුවෙන් තෝරා ගැනීම මට කිසිදා සිතාගත නොහැකි වූ දෙයක් නමුත් තත්වය අනුව‍යි, අපි එය කළේ ”ඇය තවදුරටත් පැවසුවාය.

Vanity fair

Notice me
Take my hand
Why are we
Strangers when
Our love is strong?
Why carry on without me?
And every time I try to fly I fall
Without my wings
I feel so small
I guess I need you baby
And every time I see
You in my dreams
I see your face
It’s haunting me
I guess I need you baby…..

“Everytime” යනු Britney Spears විසින් ඇයගේ සිව්වන චිත්‍රාගාර ඇල්බමය වන In the Zone (2003) සඳහා පටිගත කරන ලද ගීතයකි. එය ඇල්බමයේ තුන්වන ගීතය ලෙස 2004 මැයි 10 වන දින නිකුත් කරන ලදී.



දැන් මේ ගීතයෙහි පද මාලාව පමණක් නොව ගීතයෙහි වීඩියෝව නරඹන ඕනෑම අයෙකුගේ සිතේ ඇතිවන්නේ කුකුසකි.

බ්‍රිට්නි හිතේ දුකක් පසුතැවිල්ලක් හේතුවෙන් මෙය නිර්මාණය කළා ද? ඇයට තම අහිමි වුණ කිරිකැටියාව පද ගලපද්දි මතක් වුනාද කියලා ඒ කෝණයෙන් ගීතය දිහා බලන ඕනෑම කෙනෙක්ට ඇතිවන පැනයකි.

“I guess I need you baby(මම හිතනවා මට ඔයාව ඕනි කියලා බේබි)”

අපි හැමෝම ලේ මස් ඇට නහර වලින් ඉපදුණු මිනිස්සු, අපිට ආදරයක්, හැඟීමක් ඇති වෙන්නේ කාටවත් ඕනාවට නෙවෙයි. ඒ වගේම ඒ වගේ හැඟීමක් නැති කරගන්නත් කවුරුත් කීව පලියට බැහැ. ගැහැණියකට තමන් ආදරය කල ආදරයත්, ඒ ආදරෙන් හටගත්ත දරුවෙකුත් යන දෙකම එකම කාල වකවානුවක නැති වුනා කියන්නේ දරාගන්න පුලුවන් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

ඒ හැමදේම දරාගෙන ඉන්නකොට එය විවිධාකාරයෙන් පිටවන්න පුලුවන්. සමහරු දරුණු තීරණයකින්, තවත් අයෙක් තවකෙකුට රිදවලා, තවත් කෙනෙක් ඊට හාත්පසින්ම වෙනස් අයුරින් තමන්ට සතුට ගෙනෙන තැනකින් ඒ ඒ දේවල් පිටකරන්න පුලුවන්.

බ්‍රිට්නිගේ ගබ්සාව ගැන කතාව අහලා “Everytime” සිංදුව අහන ඕනෑම කෙනෙක් මෙවැනි තර්කයකට එන එක අහන්නත් දෙයක් ද එතකොට නේද?

මේ ඟැන ෆෑන්ස්ලා උනත් විවිධ මත ප්‍රකාශ කරලා තිබුණි.

ඒවාට ප්‍රතිචාරයක් ලෙස Justin නම් හිතක් පපුවක් නැති එකෙන් ගානට හරි අපූරුවට උත්තරත් දීලා තිබුණා. හරියට මැරිලා ඉපදුනා වගේ.

ජස්ටින් සහ බ්‍රිට්නි බොහෝ කලකට පෙර පෙම්වතුන් වූ අතර ඔහුට දැන් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ඇති බවත් ඔහු බිරිඳ ජෙසිකා බීල් සමඟ ගෙනයන තම පවුල, ඔහුගේ වෘත්තිය සහ ජීවිතයේ ඉදිරියට යාම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, අතීතයේ සිදු වූ ඕනෑම දෙයක් ඔහු ඉදිරියට ගෙන යන්නේ නැති බවත් පවසා තිබුණි.

Geo.Tv

ඔහු ඔහුට සාධාරණ විදියට බ්‍රේකප් ස්ටෝරිය කියලා බ්‍රිට්නිගේ කට වහලා සිටියත් දැන් උදා වී ඇත්තේ බ්‍රිට්නිගේ කාලයයි. ඇයට ඇයගේ ජීවිතයේ සිදුවුන අහිමිවීම්, දරාගැනීම් කීමට දැන් අවස්ථාව එලැබ ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි