×

බෘක්ලින් බෙකම් සහ ජනප්‍රිය නිළි නිකොලා පෙල්ට්ස් විවාහ ගිවිසගෙන!

බෘක්ලින් බෙකම්, බෙකම් දරුවන් සිව් දෙනාගෙන් වැඩිමලා වන අතර නිව් යෝර්ක් ප්‍රාන්තයේ වෙසෙන පෙල්ට්ස් "ද ලාස්ට් එයාර් බෙන්ඩර්" සහ "ට්‍රාන්ස්ෆෝමර්ස්: ඒජ් ඔෆ් එස්ටින්ෂන්" ඇතුළු චිත්‍රපටවල රඟපා ඇති සුප්‍රකට තාරකාවකි..


බෘක්ලින් බෙකම් සහ ඇමරිකානු නිළි නිකොලා පෙල්ට්ස් විවාහ ගිවිසගෙන සිටින බව ප්‍රකාශ කර තිබේ.

බෘක්ලින් බෙකම්ගේ දෙමව්පියන් වන විශ්‍රාමික පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම් සහ ස්පයිස් ගර්ල් බවට පත් වූ විලාසිතා නිර්මාණ ශිල්පී වික්ටෝරියා බෙකම්, ජනවාරි මාසයේදී ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු කළ ප්‍රීතිමත් යුවළට ඔවුන්ගේ ආශිර්වාදය ලබා දුන්හ.

බෘක්ලින් බෙකම්, බෙකම් දරුවන් සිව් දෙනාගෙන් වැඩිමලා වන අතර නිව් යෝර්ක් ප්‍රාන්තයේ වෙසෙන පෙල්ට්ස් “ද ලාස්ට් එයාර් බෙන්ඩර්” සහ “ට්‍රාන්ස්ෆෝමර්ස්: ඒජ් ඔෆ් එස්ටින්ෂන්” ඇතුළු චිත්‍රපටවල රඟපා ඇති සුප්‍රකට තාරකාවකි..

21 හැවිරිදි බෘක්ලින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මෙසේ ලිවීය: “සති දෙකකට පෙර මම මගේ ආත්මීය මිතුරියගෙන් මා හා විවාහ වන ලෙස ඉල්ලා සිටියෙමි. ඇය එය පිළිගත්තාය. “මම ලෝකයේ වාසනාවන්ත මිනිසායි. මම පොරොන්දු වෙනවා දවසක හොඳම සැමියා සහ හොඳම තාත්තා වෙන්න”

ඇය එයට පිළිතුරු දෙමින් කියා සිටියේ “ඔබ මගේ වීම මගේ වාසනාවක්” යන්නයි.

ඔවුන් දෙදෙනාම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල, බෘක්ලින් නිල් පැහැ ඇදුම් කට්ටලයකින් හා නිකොලා කහ පැහැති ගවුමකින් සැරසී සිටින සේයාරුවක් පළ කොට තිබුණි.

25 හැවිරිදි පෙල්ට්ස් සිය ඉන්ස්ටග්‍රෑමයේ මෙසේ සටහන් කර තිබුණි. “ඔබ මා මේ ලොව වාසනාවන්තම ගැහැණු ළමයා බවට පත් කළා. මට ඉවසිල්ලක් නැහැ ඔබ හා දිවි ගෙවීම අරඹන තෙක්. ඔබේ ආදරය මට ලැබුණු වටිනාම ත්‍යාගයයි. මේ ඡායාරූපය වෙනුවෙන් මා හාපර්ට ස්තූතිවන්ත වෙනවා”

මෙම පණිවුඩයත් සමඟ ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය යුවළට සුබ පැතුමෙක් කළ අතර බෘක්ලින්ගේ දෙමව්පියන් එම ඡායාරූපයම සිය ගිණුමේ පළ කර කියා සිටියේ එය “අතිශයින්ම සතුටුදායක ප්‍රවෘත්තියක්” බවයි.

ඔවුන්ට සුභ පැතූවන් අතර ෆෝමියුලා වන් ධාවක ලුවිස් හැමිල්ටන්, ජනප්‍රිය නිළි මිලී බොබී බ්‍ර්වෞන් සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි